(පද්මසිරි ගාර්දියවසම්)

හම්බන්තොට අංක 01 වරාය පිවිසුම් දොරටුව අසල මුහුදේ දිය නෑමට ගිය 15 හැවිරිදි සිසුවෙකු දියේ ගිලී මියගොස් ඇතැයි හම්බන්තොට වරාය පොලිසිය පවසයි .

මියගොස් ඇත්තේ අම්බලන්තොට ධර්මපාල මාවතේ පදිංචි සිතුම් දිනුජ කරුණාරත්න නමැති සිසුවාය.

ඔහු මුහුදේ ගිලෙනු දුටු ප්‍රදේශවාසීන් වහා ගොඩගෙන හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කලද ඒ වනවිටත් සිසුවා මියගොස් සිටි බව රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය .