(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ප්‍රසිද්ධ නිරූපිකාවන් දෙදෙනකුගේ නමින් ව්‍යාජ ලෙස වට්ස්ඇප් ගිණුම් දෙකක් සකස් කර නිරූපණ ක්ෂේත්‍රයේ රැකියා ලබාදෙන පවසා රූමත් ලාබාල තරුණියන්ගේ නිරුවත් ඡායාරූප උපක්‍රමශීලීව ගෙන්වාගත් පාසල් සිසුවකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසයේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය කියයි
අත්අඩංගුවට ගත් එම සැකකරු මෙවර උසස් පෙළ හදාරන 19 හැවිරිදි සිසුවෙකි.
සැකකරු එලෙස උපක්‍රමශීලීව වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ ගෙන්වා ගෙන තිබූ රූමත් ලාබාල තරුණියන් ගේ නිරුවත් ඡායාරූප 15 ආසන්න සංඛ්‍යාවක් සැකකරු පරිහරණය කරන ලද පරිගණකය තුළ ගබඩා කර තිබියදී පොලිසිය මඟින් සොයාගෙන ඇත.
මිනුවන්ගොඩ ප්‍රදේශයේ තරුණයකු ප්‍රසිද්ධ නිරූපිකාවන් දෙදෙනකුගේ නම් භාවිතා කර ව්‍යාජ ලෙස සකස් කරන ලද වට්ස්ඇප් ගිණුමක් හරහා ප්‍රසිද්ධ ආයතන වල නිරූපණ ක්ෂේත්‍රයේ රැකියා වලට කැමති රූමත් ලාබාල තරුණියන්ට අවස්ථාව ලබා දිය හැකි බව ප්‍රසිද්ධ කර ඒ සඳහා කැමති තරුණියන් කැමැත්ත පළ කිරීමෙන් අනතුරුව එම තරුණියන්ගේ නිරුවත් ඡායාරූප උපක්‍රමශීලීව ලබාගන්නා බවට විද්‍යුත් මාධ්‍ය ආයතනයක් හරහා තොරතුරක් ලැබුණ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
සැකකරු ඒ සෑම තරුණියක් සමග ම සම්බන්ධ වී ඇත්තේ කෙටි පණිවිඩ හරහා බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිරූපණය කරන්න ගන්නවා කිව්වොත් කෙල්ලන්ට වෙන මොකුත්ම සොයන්නෙ නැහැ ඇත්තටම දුරකථන වලට ටෲකෝලර් ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් මේහෙම එවුන් සොයන්න පුළුවන් එහෙම තොරතුරු ගන්න බැරිනම් ඉතින් නොරැවටී කලින්ම මගහරින්න පුළුවන්
මොවුන්ට දඬුවමක් නම් අපේ රටේ ළඳ බොළඳ අර පොත්වල නෑ. දස දෙසම දැකිය හැක්කේ පිරිහීම.හොඳ නායකයෙක් පේන තෙක් මානෙක නෑ.ගුරුවරුන් ජෝෂප් ගෙ පස්සේ වැටිලා.විශ්ව විද්‍යාල වලට පැනගත්ත ළමයින් සත්තු වගේ හැසිරෙන්නෙ.කෙහෙන් හරි ගුණධර්ම හැදෙන්න ඕන.