(නිමන්ති රණසිංහ)
වයස අවුරුදු දහසයක පාසල් සිසුවෙකු වසර 4ක් තිස්සේ ලිංගික අපයෝජනයට යොදා ගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගත හොත් ඇප මත මුදා හරින ලෙස ඉල්ලා කොළඹ ප්‍රධාන පෙළේ පාසලක පරිගණක ගුරුවරිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම මහත්මිය හමුවේ අද (18) අපේක්ෂිත ඇප අයදුම් පත්‍රයක් ඉදිරිපත් කර ඇත .
මේ වන විට වයස 20 පමණ වන මෙම තරුණයා තමාට විවාහ යෝජනා කරන බවත් තමන් එයට අකමැති වීම හේතුවෙන් ඔහුත් තමා එකට සිට ලබාගත් ඡායාරූප සහ වීඩියෝ පට තම නිවසට ලැබීමට සලස්වා ඇති බවත් පැමිණිලිකාරිය සිය අපේක්ෂිත අයදුම්පත්‍ර යෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කර හිබේ.
ඒ අනුව තමා වින්දිතයෙක් වී ඇති බවට සඳහන් කරමින් මෙම සිද්ධියේ පළමු පැමිණිල්ල ළමා හා කාන්තා කාර්යාංශය වෙත තමන් විසින් ඉදිරිපත් කරනු ලැබූ බවද එම අපේක්ෂිත අයදුම්පත්‍ර යෙන් අධිකරණයට කරුණු සඳහන් කර ඇත.
මේ හේතුවෙන් තමන් අත්අඩංගුවට ගැනීමට සූදානමක් පවතින බවට ලද තොරතුරු මත එසේ වුවහොත් තමන්ට සුදුසු ඇපයක් මත මුදා හරින ලෙසට මෙම අයදුම්කාරිය අධිකරණයෙන් ඉල්ලා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට හිටියේ නෑනේ මෙහෙම ගුරුවරියෝ...!
අවවාදය සහ පොදු සමාව දෙපැත්තටම වඩා වැදගත්...
මෙවැනි අපයෝජන කතා ගොඩක් වාර්තා වුණේ ඇමෙරිකාවෙන්... මෙහෙ අයත් ඒ ගොල්ලන්ව අනුගමනය කරන්න පටන් අරන්ද දන්නේ නැහැ...?
සියලුම දරු දැරියන්ගේ අනාගත යහපත උදෙසා, මෙවැනි ගුරු, ගුරුවරියන්ගේ සියලු විස්තර මාධ්‍ය වෙතින් ප්‍රසිද්ධ කරන්න. වෙනමම අසාදුගත ලේඛනයක් තුළින් සියලු පොලිස් ස්ථාන දැනුවත් කරන්න. සමාජ පිළිලයන් සමාජයෙන් ඉවත් කරන තුරු අනාගතය අඳුරුය.