
(පාලිත ආරියවංශ)
පස්සර ප්‍රදේශයේ පාසලක ශිෂ්‍යයෙක් කසිප්පු පානය කිරීමෙන් පසු ඇති වූ ආසද්මිකතාවක් හේතුවෙන් බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබ සිටී.
ඉකුත් 14 වැනිදා දහවල් මෙම සිසුවා හදිසියේ අසනීපවී වමනය කරනු දුටු ගුරුවරුන් ඒ පිළිබඳව විමසූ විට ඔහු පවසා ඇත්තේ තමා විදුහල අසල මහ පාරේ සිට බීම වර්ගයක් පානය කළ බවයි.
ගුරුවරුන් එම සිසුවා කඩිනමින් පස්සර මූලික රෝහලට රැගෙන ඒමට කටයුතු කර ඇති අතර තමා කසිප්පු පානය කළ බවට රෝහලේදී කළ ප්‍රකාශය මත වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල ශික්ෂණ රෝහලට යැවු බව පස්සර මූලික රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී චානක ගන්කන්ද මහතා පැවසීය.
මෙලෙස රෝහල් ගතකර ඇත්තේ පස්සර ප්‍රදේශයේ පදිංචි ශිෂ්‍යයෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාසල් දරුවන්ට කසිප්පු විකිණීම තහනම් කළානම් හරි. අනික පාසල් ආවට ඕවා විකුණන එකත් තහනම් කරන්න ඕනේ. නැතුව ඔය ළමයි හදන්න බෑ. දැන් කුඩු පාසල් ළමයින්ට විකුණන එක නම් අඩුවෙලා වගේ. දැන් කසිප්පු.