IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


සුසිල් ජයතුංග ඇප ඉල්ලයි

(රන්ජන් කටුගම්පොල)

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තමන්ට ජීවිත තර්ජන එල්ල වී ඇති බැවින් තමන්ව ඇප මත මුදා හරින ලෙස නීතිඥභවය අත්හිටුවා සිටින සුසිල් ජයතුංග මහතා  අද ශ්‍රේෂ්ඨාධිකරණයන් ඉල්ලා සිටියේය.

නීතිඥවරයා මෙම ඉල්ලීම සිදු කරනු ලැබුවේ ඔහුට එරෙහිව ගොනුකොට තිබූ පැමිණිල්ල  ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ගාමිණී අමරසේකර, දිලීප නවාස් සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කඳුළු අවස්ථාවේ දිය.

එම අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබූ මේ වනවිට නීතිඥභාවය අත්හිටුවා සිටින සුසිල් ජයතුංග මහතා විවෘත අධිකරණයේ කරුණු දක්වමින් තම ජීවිතයට තර්ජන එල්ල වී තිබෙන බව කියා සිටියේය.

"ස්වාමීනී මම බන්ධනාගාරයේ සිටින්නේ බයෙන්. බ්ලේඩ් තලයකින් මගේ බෙල්ල කපා හෝ මගේ ජීවිතයට හානි කරන්න පුළුවන්" යනුවෙන් සඳහන් කළ ඒ මහතා තමන්ව ඇපමත මුදා හරින ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගාමිණී අමරසේකර මහතා " අපෙත් බෙල්ල කපයිද දන්නේ නෑ" යනුවෙන් සඳහන් කළේය.

ඊට පිළිතුරු දුන් ජයතුංග මහතා "ස්වාමීනී.. මම නම් එහෙම කරන්නේ නෑ" යනුවෙන් කියා සිටියේ ය.

මේ සම්බන්ධව වෙනත් පැමිණිල්ලක් සැප්තැම්බර් 13 වැනි දින කැඳවන බැවින් එදිනට මෙම පැමිණිල්ල කැඳවන ලෙස අධිකරණයෙන් නියෝග කෙරිණි.

 



අදහස් (0)

සුසිල් ජයතුංග ඇප ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 635 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 306 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site