
(සුමිත් පොතුපිටිය)
ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියකට අයත් යතුරු පැදියක ලීසිං වාරිකය ප්‍රමාදවූවැයි කියමින් යතුරුපැදියක් රැගෙන යාමට පැමිණි සීසර්ලා තල්ලුකිරීම හේතුවෙන් ඇදවැණු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා රෝහල්ගත කළ බව වාද්දුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
කළුතර ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීනී ලසන්ති හේමමාලා මහත්මිය ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ද කර ඇත.
පැමිණිලිකාර මන්ත්‍රීවරිය ෆිනෑන්ස් සමාගමක් හරහා යතුරුපැදියක් ලබාගෙන ඇති අතර , කොරෝනා කාලසීමාවේ වාරික කිහිපයක් ගෙවීම මගහැරී ඇත.
මගහැරුන වාරික වෙනුවෙන් වැඩි පොලී මුදලක් එකතුකොට එම මුදල ගෙවන ලෙස ඇයට දැනුම් දී ඇතැයි සදහන් වේ.
දඩ මුදල් එකතු කිරීම හේතුවෙන් එම මුදල් ගෙවීම පැමිණිලිකාර මන්ත්‍රීවරියට මගහැරී ඇති බැවින් ඊයේ (30) පස්වරුවේ සීසර්වරුන් හත් දෙනකු පැමිණ යතුරුපැදිය රැගෙන යාමේදී මන්ත්‍රීවරිය ඊට විරෝධය පලකිරීමේදි ඇති අනතුරට ලක්ව ඇති බවට පැමිණිල්ලේ සදහන්ව ඇතැයි පොලිසිය කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියට වැඩක් කරන කෙනෙක් නම් තමාට මාසය වෙනුවෙන් ලැබෙන දීමනාවෙන් කැපෙන්න සලසන්න තිබුනා එහෙම වුනා නම් ගෙවීම් අතපසු වෙන්නෙ නැහැ මෙහෙම අයද රට හදන්න යන්නෙ
ඔය සෙල්ලම් පාර්ලිමේන්තු මන්ත්‍රීලට දාන්න තරම් කොන්දක් ඔය සීසර්ලට තියෙනවද?