
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකවරියක ලෙස ඔලිම්පික් රිදී පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මිය පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ප්‍රවර්ධනය සඳහා ඇය එම තනතුරට පත්කළ බවත් ඇය එම තනතුරේ ඊයේ (1) සිට ක්‍රියාත්මක වන බවත් ක්‍රිකට් ආයතනය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් කඩුලු දෙක අතරේ හිටුකියල දුවයි නේද ඇමතිතුමා
සුසන්තිකා මොනවද ක්‍රිකට් ගැන දන්නේ? ලොකු විශ්‍රාම වැටුපක් හදාගත්තා මදිද?
මේ මොන මෝඩ ජෝක් එකක්ද......මෙහෙම පිස්සු මිනිස්සු ඉන්න රටක් වෙන කොහේවත් නෑ.
අර හිටපු කැරම් ශූර චමිල් වික්රමසිංහටත් ඔය එක්කම උපදේශක තනතුරක් දුන්නොත් හොඳයි ක්‍රිකට් ආයතනයේ .
මුන්ට පිස්සු .මේ අම්මන්ඩිට මොන කිරිකට්ද >අහක ඉන්න නයින්ව රෙද්ද අස්සේ දාගන්නවා
ශ්‍රීලංකා ක්‍රිකට් හැමදාමත් කරන්නේ ඔය වගේ ගොන් වැඩ තම.යි ඉහලින් ඉන්න අය ඊට වඩා හරක් මිස වෙන කියන්න වචන නෑ…!
මාලිංග මළල ක්‍රීඩා උපදේශක කරමු
ආ තාප්ප උඩින් පනින්න පුරුදු කරයිද ?
උපදේශක තනතුරක්? කිරි අප්පට! අඩුම ගානේ ක්‍රිකට් මැච් එකක් බලලා තිබෙනවාද?
ඒ පාර මොකක්ද මේ නටන්න යන්නේ? කවුද මේ සම්බන්ධ ඇමැති...?
දුවන්න උගන්නන්නද?
සුසන්තිකා ක්‍රිකට් ගැහුවද? හා හා දැන් තේරුණා... විකට් දෙක අතරේ දුවන්න පුරුදු කරන්න නේද? හොඳයි හොඳයි...
සුසන්තිකා රන් පදක්කම් ගත්තේ ක්‍රිකට් වලට කියලා අපි ගැනගෙන උන්නේ නැහැනේ...? වාසනාවන්... දැන් අපේ කෙල්ලන්ට ක්‍රිකට් ගහන්න උපදෙස් දෙයි නියමෙට...
මෙයා කවද්ද ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ගැහුවේ... ටීම් එකට උපදෙස් දෙන්න...?
ඔය තියෙන්නේ සුදුස්සාට සුදුසු තැන දීලා .දැන් ඉතින් ඔක්කොම හරියයි .අඩු ගානේ පරදිනකොට දුවන්න වත් පුරුදු වෙයි
හොඳයි, හොඳයි ක්‍රිකට් ගහපු, ක්‍රිකට් ගැන දන්න කෙනෙක් ක්‍රිකට් උපදේශක තනතුරට පත් කරපු එක... පාදෙනිය රටේ ප්‍රධාන කෘෂි උපදේශක තනතුරට පත් කළා වගේම බුද්ධිමත් කාලෝචිත තීරණයක්...
කාන්තා ක්‍රිකට් වල අවසානය
ඔය පාර එක්කෙනෙක් වත් දුවද්දී දැවී යන එකක් නැහැ නේද ?
එල්ලේ ක්‍රීඩාවේ උපදේශිකාවක් කළා නම් හොඳයි වටේ දුවන්න තිබෙන නිසා.