
(අංජුල මහික වීරරත්න)
පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ ආහාර ගබඩා පරිශ්‍රයේදී අද (19) ආරම්භ කෙරිණි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මෙම වැඩසටහන ආරම්භ කෙරිණි.
පාසල් දරුවන් අතර යකඩ ඌණතාවය අවම කිරීම ඉලක්ක කර ගනිමින් සබලකරණය කරන ලද සහල් (Fortified Rice) පාසල් ආහාර වේල සඳහා ලබාදීම සිදු කරනු ලබන අතර ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ඇති ලෝක ආහාර වැඩසටහන සඳහා වූ හවුල්කාරීත්ව ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් එම්.එච්.ඒ.එම්.රිෆ්ලාන් මහතාගේ අධීක්ෂණයෙන් මෙම බෙදාහැරීමේ කටයුතු සිදු කෙරේ.
ඒ අනුව පළමු අදියර යටතේ පළාත් මට්ටමින් සහල් මෙට්‍රික් ටොන් 735ක් නිකුත් කිරීම අද ආරම්භ වූ අතර එය හෙට (20) දිනයේද ක්‍රියාත්මකය. අදාළ ප්‍රදේශයේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා මහජන සෞඛ්‍ය පරීක්ෂණ නිලධාරීන්ගේ නිරීක්ෂණය යටතේ මෙම සහල් තොගය පාසල් වෙත භාරදීම සිදු කරයි.
මේ අතර ලබන මැයි 19 වන දින නව පාසල් වාරය ආරම්භ කිරීමෙන් පසුව පරිප්පු මෙට්‍රික් ටොන් 378.835ක්, සන්ෆලවර් පිසින තෙල් මෙට්‍රික් ටොන් 412.08ක්, රට ඉඳි මෙට්‍රික් ටොන්300ක් ද පාසල් වෙත බෙදා දීමට නියමිත බව ලෝක ආහාර වැඩසටහන සඳහා වූ හවුල්කාරීත්ව ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් එම්.එච්.ඒ.එම්.රිෆ්ලාන් මහතා පැවසීය.
දිවයිනේ 1- 5 දක්වා ශ්‍රේණිවල සියලුම පාසල් සිසුන්ට පාසලේ දී ප්‍රධාන ආහාර වේලක් ලබා දීමට මේ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. පෝෂණවේදීන්ගේ නිර්දේශ ද සැලකිල්ලට ගෙන සිසුන් අධ්‍යාපන කටයුතුවල නිරත වීමට පෙර දිනපතා පෙරවරු 7.30ත් 8.30 අතර කාලය තුළ මෙම උදෑසන ආහාර වේල ලබා දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙමාපියන්ගේ රැකියා සුරක්ෂිත භාවය තහවුරු කලා නම් දරුවන්ට හොඳ පෝෂ්‍යදායක ආහාර වේලක් දෙන්න තිබුණා. ඒත් එතකොට ජනතාවට පාලකයින් මතක් වෙන්නේ නැහැනේ... ඡන්දෙ කාලෙට ඒක නිසා වෙන්න ඇති දරුවන් ට කන්න දෙන්න බැරිවෙන්න තරම් දෙමාපියන් ගේ ආර්ථිකය කඩාබිඳ දමලා ආණ්ඩුවෙන් කන්න දෙන්නේ...!
හොරා කෑවාට පස්සේ ඉතුරු වුණ අපි ගෙවපු බදුමුදල් වලින් මොකක් හරි කරන්නත් එපැයි...
දරුවන්ට පවුලට පෝෂණය දීමට නොහැකි මිනිස්සුන්ට දරුවන් හදන්න ඉඩදීම වැරැදි නොවේද? පවුලේ පියාගේ වගකීම මහජනතාව භාර ගත යූතුද? නිකමුන් බෝවීම පාලනය කිරීම රජයක යුතුකම...
දැන් නම් විශ්වාසයි ඡන්දයක් කිට්ටුයි කියලා...