(ඩී.ජී.සුගතපාල)

ගිංතොට ගිංගඟ මෝයකට අසල මුහුදු වෙරලේ දිය නාමින් සිටි සිසුන් දෙදෙනකු අද දහවල් දියේ ගිලි මියගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ නාවින්න අරාබි විදුහලේ අධ්‍යාපනය ලබන ගාල්ල හිිරිඹුර පදිංචි මොහොමඩ් මොහොමඩ් යුසුප්(14) සහ ගාල්ල මොරගොඩ පදිංචි මොහොමඩ් මිල්ෂාන් (15) යන හැවිරිදි සිසුන් දෙදෙනෙකි.

ඔවුන් අධ්‍යාපනය ලබන අරාබි විදුහල නිවාඩු ලබාදිම නිසා මෙම සිසුන් දෙදෙනා ගිංතොට මෝයකට අසල මුහුදේ දිය නැමට පැමිණ ඇත. එසේ නාමින් සිටියදි දෙදෙනාම දියේ ගිලි ඇති අතර පැය බාගයක් පමණ වේලාවක් දියයට සිටියදි ප්‍රදේශවාසින් එක්ව ගොඩට ගෙන ඇත.

ඒ වනවිටත් එක් අයකු මියගොස් සිට ඇති අතර අනෙක් සිසුවා කරාපිටිය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් ඇත.