IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සිසුන් 32 රෝහලට යැවූ රනාලේ අනතුර

(කේ බුද්ධික කුමාරසිරි)

කොළඹ අවිස්සාවේල්ල ලෝලෙවල් මාර්ගයේ රනාල ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් පාසල් දරුවන් 32 දෙනකු තුවාල ලබා නවගමුව දිසා රෝහලට ඇතුලත් කල බව හංවැල්ල පොලිසිය පවසයි.

පාසල් ළමුන් රැගෙන එමින් තිබූ ලබුගම කොළඹ සිසු සැරිය බස් රථයක් සහ ඇඹිලිපිටිය කොළඹ මගී ප්‍රවාහන බස් රථයක් මෙලෙස මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව ඇත.

පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයේ කොන්දොස්තර බස් රථයක් ඉදිරිපස දොර අසල සිර වී සිටියදී ප්‍රදේශවාසීන් විසින් බේරා ගෙන නවගමුව රෝහලට ඇතුලත් කර තිබූ බවත් පොලිසිය පවසයි.

රෝහල් ගත කල ළමුන් අතුරින් 21දෙනෙකු ප්‍රතිකාර ලබා රෝහලින් පිටව ගොස් ඇති බවත් තවත් පාසල් ළමුන් හය දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් නවගමුව දිසා රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය.

නවතා තිබූ ඇඹිලිපිටිය කොළඹ මගී බස් රථයෙහි සිසු සැරිය බස් රථය ගැටී ඇතැයි සිදුකල මූලික විමර්ශණයේදී අනාවරණය වූ බවත් අපරික්ෂාරී ලෙස රිය ධාවනය සහ අනතුරක් වළක්වා නොගැනීම යන චෝදනා යටතේ අනතුරට සම්බන්ධ සිසු සැරිය බස් රථයේ රියදුරු සැකපිට අත් අඩංගුවට ගත් බව හංවැල්ල පොලිසිය පවසයි.

-----------------------------------

(බුද්ධික කුමාරසිරි)

රනාල ප්‍රදේශයේ දී පෞද්ගලික බස්  රථයක් හා සිසු සැරිය බස් රථයක් මුහුණට මුහුණ ගැටී සිසුන් 50කට ආසන්න පිරිසක් තුවාල ලබා  රනාල දිසා රෝහලට ඇතුළත් කළ බව තංගල්ල පොලිසිය පවසයි.



අදහස් (0)

සිසුන් 32 රෝහලට යැවූ රනාලේ අනතුර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 525 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site