IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සංස්කෘතික අරමුදලේ කෝටි 106ක් වතුරේ යවලා

 

(සුජිත් හේවාජුලිගේ සහ  නිමන්ති රණසිංහ )

මධ්‍යම සංස්කෘතික අරමුදල නීතියට පිටින් ගොස්  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සේවකයන්  3000 කට ආසන්න පිරිසක් 2018 සහ 2019 වර්ෂවලදී බඳවා ගෙන ඔවුන්ගේ වැටුප් වෙනුවෙන් රුපියල් කෝටි 106ක් පමණ නිකරුණේ වැය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.

එම  ආයතනය මෙලෙස කටයුතු කර ඇත්තේ රජයේ ආයතනයකට වෙනත් ආයතනයක් වෙනුවෙන් සේවකයන් බඳවා ගැනීමට ප්‍රතිපාදන සලසා නොතිබියදී බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහා පුරාවිද්‍යා සහායකයන්( කම්කරුවන්) 2271 දෙනෙකු සහ මුරකරුවන් 1130 දෙනෙකු බඳවා ගැනීමට මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලක මණ්ඩලය 2017 වර්ෂයේ  ඔක්තෝබර් 17 වැනි දින අනුමැතිය ලබාදී තිබු බව  එම වාර්තාව සඳහන් කරයි.

ඒ අනුව 2018 දෙසැම්බර් 31 දින වන විට බඳවාගත් මුළු සේවක සංඛ්‍යාව 1089කි.( පුරාවිද්‍යා සහායකයන්713ක් සහ  මුරකරුවන් 376ක්)

ඉන් පසු 2019 සැප්තැම්බර් 30 වනවිට  සේවකයන් 1487 දෙනකු ( පුරාවිද්‍යා සහයකයන් 934ක් සහ  මුරකරුවන් 553ක්) බඳවා ගෙන තිබුණු බව විගණන අංශ පෙන්වා දෙයි.

ඉන් 1415 දෙනකු 2021  පෙබරවාරි   මාසය වන විටද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවයේ යොදවා තිබුණු බව සඳහන් වේ.

මේ අතර මධ්‍යම සංස්කෘතික අරමුදලේ  පාලන අංශය ඉදිරිපත් කළ තොරතුරු අනුව  එහි තත්‍ය සේවක සංඛ්‍යාව  2780 ක් වුවත්  ආයතනයේ ප්‍රධාන පරිපාලන නිලධාරී විසින් 2019 වර්ෂයේදී ඉදිරිපත් කරන ලද තොරතුරු අනුව තත්ව සේවක සංඛ්‍යාව 3,500 ක්වූ බව  පවසන විගණන කාර්යාලය  එම වෙනසට හේතුව පැහැදිලිව  ඉදිරිපත්  නොකෙරුණු බවද  සඳහන් කළේය.



අදහස් (7)

සංස්කෘතික අරමුදලේ කෝටි 106ක් වතුරේ යවලා

ravin Saturday, 24 September 2022 03:05 PM

උස නම් සෙකියුරිටි... මිටි නම් කම්කරු වගේ වැඩක්...!

:       1       138

යෝගා Saturday, 24 September 2022 03:56 PM

මයික් එකක් ඉස්සරහට ගියාම කතාව කොහොමද? මම තරම් දක්ෂ, පිරිසිදු තවත් කෙනෙක් නෑ කියලා. ඕවා සේරම ඊළඟ ජනාධිපතිවරණයේ දිගහැරෙනවා ගොයියෝ. ඔහොම යංකෝ...!

:       1       88

udaya Saturday, 24 September 2022 04:49 PM

කෝ මේවාට වගකිව යුත්තන්ට දඬුවම්..., අහිංසක, දුප්පත් මිනිස්සුම නේද මේ වගේ දඬුවම් විඳින්නේ දැන්....?

:       1       51

චතුරි Saturday, 24 September 2022 05:06 PM

රටේ මුදල් පමණයි මොවුන්ට පරිහරනය කරන්න බැරි... ඒ ලොකු පොඩි හැම එක්කෙනාටම ඔවුන් හොරෙන් කන ඒවා, පගා ගන්න ඒවා ලස්සනට පරිහරනය කරන්න දන්නවා. පිටරටින් ගෙවල් අරගෙන ලංකාවේ ඉඳන් ලස්සනට නඩත්තු කරනවා. රට වැහුවත් මොවුන්ගේ බාර් වැහෙන්නෙත් නැහැ. මේ අයට මොලේ තියෙන්නේ තමන්ගේ දේට විතරයි. දෙවියෝත් මොවුන්ට සපෝට් කරනවද දන්නේ නැහැ. කොයිතරම් මාරාන්තික ලෙඩ අවිත් මිනිස්සු මැරුණාද... මේ අයට හැදිලත් බේරුනා. තවත් ජීවත් කරවන්නේ අපායටම යවන්න. පව් පුරෝගෙන එකෙක් නැහැ.. නිලතල දරන අයගෙන් රට වෙනුවෙන් වැඩ කරන. පොලිස් බල්ලා විතරයි අවංකව සේවය කරන්නේ. ඒ සතාගෙත් ඉව නැති කරයි මිනිස් වෙසින් ඉන්න අය...

:       0       15

Ravi Saturday, 24 September 2022 09:03 PM

සංස්කෘතික අරමුදලේ ලෝගෝ එක නම් තියෙනවා. ආරක්ෂා කරනවා වගේ ත්‍රිකෝණයක් බදාගෙන...

:       0       1

Saman Saturday, 24 September 2022 09:39 PM

මේ හැම දෙයක්ම සීමා වෙලා. එ‍කෙන් පටන් අරන් ඒකෙන්ම ඉවර කරනවා. පස්සේ අපිටම අමතක වෙනවා... අනේ මන්දා..!

:       0       1

de silva Sunday, 25 September 2022 04:04 AM

මේවට වගකිව යුතු නිලධාරීන්ට දේශපාලඥනයන්ට කිසිම දඬුවමක් නැහැ.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 349 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1008 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site