(පාලිත ආරියවංශ)

මොණරාගල සිට බදුල්ලේ පාසල් කීපයකට සිසුන් හා ගුරුවරු ප්‍රවාහණය කරන සිසුසැරිය පෞද්ගලික බස්රථයක රියදුරා අධික ලෙස බීමත්ව සිටිය දී අද  උදේ 7.15 ට පමණ බදුල්ල පස්සර මාර්ගයේ උඩවෙල මහා විද්‍යාලය අසළ දි අත් අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පැවසීය.

අපරික්ෂාකාරි ලෙස සිසු සැරිය බස්රියක ධාවනය වන බවට බදුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක වරයාට ලැබුණ දුරකථන පණිවුඩයක් අනුව ඔහු බදුල්ල කොට්ඨාස රථ වාහන අංශයේ නිළධාරින් සමග වහාම ක්‍රියාත්ක වී මෙම බසය පරික්ෂාවට ලක් කල බව පොලිසිය සඳහන් කළේය.

එම බසයේ බදුල්ල නගරයේ පාසැල් 4 ක සිසුන් 30ක්   හා ගුරුවරු ඇතුළු මගීන් 40 දෙනකු ඒ අවස්ථාවේ ගමන් කළ බව ද පොලිසිය පැවසීය.

ඔවුන් වෙනත් වාහන යොදවා අදාල පාසල්වලට යැවූ බවද පොලිසිය සඳහන් කළේය.