
(යොහාන් භාසුර, මහින්ද නිශ්ශංක සහ කීර්ති ප්‍රනාන්දු )
පාසල් ළමයින් ප්‍රවාහනය කිරීම සඳහා නව පාසල් බස් රථ සේවාවක් හෙට( 15) සිට ආරම්භ කිරීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පියවර ගෙන තිබේ.
මේ යටතේ කොළඹ ,ගම්පහ, කළුතර, දිස්ත්‍රික්කවල පිහිටි පාසල්වල ඉගෙනුම ලබන සිසු සිසුවියන් වෙනුවෙන් පාසල් බස් රථ සේවා ක්‍රියාත්මක කෙරෙන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සාමාන්‍යාධිකාරී ජගත් පෙරේරා මහතා පැවසීය.
ඒ ඒ දිස්ත්‍රික්කවල පිහිටි විද්‍යාල කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කරන මෙම පාසල් බස් රථ සේවා කැස්බෑව පිටකොටුව , මොරටුව පිටකොටුව , තොටලග නාරාහේන්පිට , බදුරලිය මතුගම හරහා හොරණ , හොරණ කලුතර හරහා අලුත්ගම , හෝමාගම දෙල්කඳ හරහා නාරාහේන්පිට , හෝමාගම හයිලෙවල් පාර ඔස්සේ මරදාන , කොට්ටාව මහරගම හරහා පිටිපන , සහ රද්දොලුව සිට කොළඹ යන මාර්ගවල ධාවනය කෙරේ .
සාමාන්‍ය බස් රථ ගාස්තු යටතේ ක්‍රියාත්මක මෙම නව පාසල් බස් රථ සේවා සඳහා පෞද්ගලික බස් රථ යොදවා ඇති බවත් සාමාන්‍ය අධිකාරී ජගත් පෙරේරා මහතා කීය .
ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි බස්නාහිර පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතාගේ අධීක්ෂණය යටතේ මෙම නව පාසල් බස් රථ සේවා ක්‍රියාත්මක කෙරේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපගේ දරුවන්ට කඩවත සිට කැලණිය ශ්‍රී ධර්මාලෝක විදුහලට යාමට තිබූ සිසුසැරිය බස්රථය දැන් දින කීපයක සිට ධාවනය නොවේ. එයින් දෙමාපියන් හා දරුවන් මහත් අපහසුතාවයකට මේ මොහොතේ පත්වී සිටි හැකි ඉක්මණින් අපට නැවතත් සිසු සැරිය බස් රථයක් ලබාදෙන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි. කිරිල්ලවල සිට නුවර පාරේ ධාවනය කිරීමට හැකි බස් රථයක් ලබා දෙන්නේ නම් කඩවත මහ විදුහල, මහමායා බාලිකාව, මහර ජනාධිපති විදුහල, දලුගම ෆ්‍රැන්සිස් විදුහල, වරාගොඩ ධර්මාලෝක විදුහල, ශාන්ත පාවුලු බාලිකාව ආදි විදුහල් සියල්ලේම දරුවන්ට පහසුකම් සැලසෙනු ඇත. අපගේ දරුවන් වෙනුවෙන් සාධාරණයක් ඉටු කරනමෙන් ඉල්ලා සිටිමි. දැඩි ආර්ථික අපහසුතාවලින් පෙළන බැවින් පාසල් වෑන් රථවලට මුදල් වියදම් කිරීමට අපට නොහැකියි...!
කොට්ටාව සිට කොළඹ මහානාමයට යාමට සිසුසැරිය බස් නැතිද?