
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
දරුවන්ට ශාරීරික දඬුවම් පැමිණවීම සහ සිසුන්ට හානි පමුණුවන දඬුවම් ක්‍රම අවසන් කිරීම සහ එවැනි අපරාධ කරන්නන්ට නීතිමය දඬුවම් ලබා දීමේ අරමුණින් ඉදිරිපත් කෙරුණු දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදය නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර මහත්මිය විසින් තවත් දිනයකට කල් තබනු ලැබීය.
ළමා රැඳවුම් මධ්‍යස්ථාන සහ පාසල් ඇතුළු විවිධ ස්ථානවල දරුවන්ට සිදුවන ශාරීරික දඬුවම් නැවැත්වීමට ප්‍රමාණවත් නීතිමය විධිවිධාන ශ්‍රී ලංකාවේ දිගු කලක් තිස්සේ නොතිබුණ හෙයින් එම ගැටළුව විසඳීම සඳහා මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කෙරුණු බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය පවසයි
අධ්‍යාපන අමාත්‍යාංශය සහ ගුරු වෘත්තීය සමිති ඇතුළු විවිධ පාර්ශවයන් සමඟ කළ පුළුල් සාකච්ඡාවලින් අනතුරුව මෙම පනත් කෙටුම්පත සකස් කර ඇත.
මෙය කිසිවිටෙකත් ගුරුවරුන් ඉලක්ක කරගත් පනතක් නොවන බවත්, දරුවන්ට ශාරීරිකව දඬුවම් කරන ඕනෑම කෙනෙකුට අදාළ වන නීතියක් බවත් අමාත්‍යාංශ නිලධාරීහු රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට පෙන්වා දුන්හ.
දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ඊයේ පෙරවරු 11.00ට පමණ ආරම්භවී පස්වරු 5.30 දක්වා පැවැත්විණ. මෙම පනත් කෙටුම්පතේ පවතින යම් යම් අඩුපාඩු නිවැරදි කළ යුතු බව විපක්ෂයේ මන්ත්‍රීවරු පෙන්වා දුන්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරුවන්ට අනවශ්‍යම ආකාරයෙන් හිරිහැර කරන (විශේසයෙන් මුල් අවුරුදු පහවත්) ගුරුවර/වරියන්ට උපරිමයෙන් දඩුවම් දියයුතුය මම අත්දැක්කදේ කියන්නෙ නමෙන් හරි කොළඹට ගෑවිලා තියෙන එක්තරා ගුරුවරියක් 2004 වසරෙදි උන්දැට ලැබුනු පංතියේ දොස්තරගෙ දරුවො නැහැ කියල පංතිය වර්ජනයේ යෙදුනා ඊළගට ඉගැන්වීමේ දක්ෂ ගුරුවරියගේ පංතියට ගියා කියල ......මාලනී බුදුහාමුදුරුවෝද කියල දරුවන්ට පංතියේදී අනෙකේ දරුවො ඉදිරියේ අපහසුතාවයට පත්කලා පොත්වලින් මූණට දමාගැසුවා උන්දැට පඩුරු පාක්කුඩම් දෙමින් හිටපු අයගේ දරුවො ඇගේ දරුවො වගේ සැලකුවා මෙනිසා එවැනි ගුරුවරුන්ට පමණක් නොවෙයි ඒවා නොසලකා කටයුතු කරන විදුහල්පතිටත් එවැනි අයට පක්ෂෂග්රාහීව තොරතුරු සගවන ගුරුන්ටත් දඩුවමක් දෙන්න පුළුවන් ආකාරයට නීතී හදනවානම් දරුවන්ට ලොකු සෙතක් වෙනවා ඊළගට පාසලේදී තමන්නෙ කාලපරිච්ඡේදයේ කිසිමදාක පංතියට නොයන අයටත් දඩුවමක් දෙන්න පුළුවන් නම් ඉතාමත් හොදයි
හමුදාවේ ඉහල නිලධාරීන් හා පුහුණුකරුවන් කරන පහරදීම හා ශාරීරික දඩුවම් තහනම් කරන්න පනතක් ගන්න බැරිද ?