(යොහාන් භාසුර)
තාක්ෂණික සේවාස්ථ පුහුණුලාභීන් ලෙස ජපානයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියාවක නිරතව සිටින ශ්‍රී ලාංකික තරුණියන් දෙදෙනකු එරට ප්‍රධාන පෙළේ සඟරාවක් වන ‘විත් අයිඑම්’ සගරාවේ පිට කවරය සඳහා තෝරාගනිමින් ඔවුන්ගේ සේවය අගය කර ප්‍රශංසා සහිත ලිපියක් පළකර තිබේ.
මෙම තරුණියන් දෙදෙනා ඒ සඳහා තෝරා ගැනීමට විශේෂම හේතුව වී ඇත්තේ එම ආයතනයේ සියළු දෙනාගේ ආදරය දිනාගනිමින් සේවය කිරීමයි.
හලාවත පදිංචි කාවින්ද්‍යා සිතුමිණි හා ගාල්ල ප්‍රදේශයේ පදිංචි අශිනි නිමේෂා 2021 වසරේ සාත්තු සේවා පුහුණු ලාභීන් ලෙස ජපානයට පිටත්ව ගොස් අතර, ඔවුන් ජපානයේ නාගසාකි ප්‍රාන්තයේ ‘ලයිෆ් ඩිසයින්’ ආයතනය පවත්වාගෙන යන සාත්තු සේවා මධ්‍යස්ථානයේ සාත්තු සේවිකාවන් ලෙස සේවය කරති.
ඔවුන් සතුව ඇති ඉහළ ජපන් භාෂා හැකියාවත්, සිත් ගන්නා සුළු සිනහවත් හේතුවෙන් එම ආයතනයේ රැදී සිටින වැඩිහිටියන්ගේ හා සේවය කරන ජපන් ජාතිකයින්ගේ දැඩි ආදරය හා කරුණාවට ලක්වී තිබෙන අතර වර්තමානය වන විට ඔවුන් එම සමාගමට නැතුවම බැරි සාමාජිකයින් වී ඇති බවත් එම සඟරාව පවසයි.
‘ලයිෆ් ඩිසයින්’ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී කට්ෂුයා මහතා මෙම ශ්‍රී ලාංකික තරුණියන් පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කර තිබුණේ තමන් ශ්‍රී ලාංකික පුහුණුලාභීන් එම ආයතනයට බඳවා ගැනීම පිළිබඳව දෙගිඩියාවෙන් පසුවූ බවත් මෙම තරුණියන්ගේ ක්‍රියාකලාපය අනුව දැඩි විශ්වාසයක් ඔවුන් පිළිබඳව ඇති වූ බවත්ය.
එම ආයතනය ඉදිරියටත් ශ්‍රී ලාංකික පුහුණු ලාභීන් බඳවාගැනීම වෙනුවෙන් වැඩි දායකත්වයක් ලබාදීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබුණි.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
සුවසේවයට ගිය මෙරට කාන්තාවෝ දෙකක් ජපානයේදී ඇගැයෙති
චතුරංග Thursday, 02 February 2023 02:02 PM
ඔබ වගේ අය තමයි වැඩි වැඩියෙන් මේ රටට අවශ්‍යව ඇත්තේ. ඔබගේ සේවය ඉහළින් අගයමි.
Ananda Thursday, 02 February 2023 02:28 PM
හරිම සතුටුයි.
Senarath Thursday, 02 February 2023 03:06 PM
අපෙ රටෙ පවතින රකිය විරහිත බවයට පිලියමක් සොයන්න මෙ ලමඉන්ගෙ කපවිමෙන් ලබෙන ප්‍රසිද්ධිය හෙතුවක් වෙවි.
නවීන් Thursday, 02 February 2023 05:07 PM
ඩිස්ලයික් එකක් දැම්මේ ළමයින්ගේ නොකියා ළමයින්ගේ කියලා ලියපු නිසා මිස වෙනත් හේතුවක් නිසා නොවෙයි..., ඒ වගේම කවුරු ලිව්වත් වචනයක් මැදට උ අකුර ලියන්නේ නැහැ... සමහරක් උන්දැලා උ අකුර මැදට දාල වචන ලියනවා. එහෙම ලිව්වාම පේන්නේ ඉතාමත් නූගතෙක් කියලා තමයි..