
(යොහාන් භාසුර)
තාක්ෂණික සේවාස්ථ පුහුණුලාභීන් ලෙස ජපානයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියාවක නිරතව සිටින ශ්‍රී ලාංකික තරුණියන් දෙදෙනකු එරට ප්‍රධාන පෙළේ සඟරාවක් වන ‘විත් අයිඑම්’ සගරාවේ පිට කවරය සඳහා තෝරාගනිමින් ඔවුන්ගේ සේවය අගය කර ප්‍රශංසා සහිත ලිපියක් පළකර තිබේ.
මෙම තරුණියන් දෙදෙනා ඒ සඳහා තෝරා ගැනීමට විශේෂම හේතුව වී ඇත්තේ එම ආයතනයේ සියළු දෙනාගේ ආදරය දිනාගනිමින් සේවය කිරීමයි.
හලාවත පදිංචි කාවින්ද්‍යා සිතුමිණි හා ගාල්ල ප්‍රදේශයේ පදිංචි අශිනි නිමේෂා 2021 වසරේ සාත්තු සේවා පුහුණු ලාභීන් ලෙස ජපානයට පිටත්ව ගොස් අතර, ඔවුන් ජපානයේ නාගසාකි ප්‍රාන්තයේ ‘ලයිෆ් ඩිසයින්’ ආයතනය පවත්වාගෙන යන සාත්තු සේවා මධ්‍යස්ථානයේ සාත්තු සේවිකාවන් ලෙස සේවය කරති.
ඔවුන් සතුව ඇති ඉහළ ජපන් භාෂා හැකියාවත්, සිත් ගන්නා සුළු සිනහවත් හේතුවෙන් එම ආයතනයේ රැදී සිටින වැඩිහිටියන්ගේ හා සේවය කරන ජපන් ජාතිකයින්ගේ දැඩි ආදරය හා කරුණාවට ලක්වී තිබෙන අතර වර්තමානය වන විට ඔවුන් එම සමාගමට නැතුවම බැරි සාමාජිකයින් වී ඇති බවත් එම සඟරාව පවසයි.
‘ලයිෆ් ඩිසයින්’ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී කට්ෂුයා මහතා මෙම ශ්‍රී ලාංකික තරුණියන් පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කර තිබුණේ තමන් ශ්‍රී ලාංකික පුහුණුලාභීන් එම ආයතනයට බඳවා ගැනීම පිළිබඳව දෙගිඩියාවෙන් පසුවූ බවත් මෙම තරුණියන්ගේ ක්‍රියාකලාපය අනුව දැඩි විශ්වාසයක් ඔවුන් පිළිබඳව ඇති වූ බවත්ය.
එම ආයතනය ඉදිරියටත් ශ්‍රී ලාංකික පුහුණු ලාභීන් බඳවාගැනීම වෙනුවෙන් වැඩි දායකත්වයක් ලබාදීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබුණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ වගේ අය තමයි වැඩි වැඩියෙන් මේ රටට අවශ්‍යව ඇත්තේ. ඔබගේ සේවය ඉහළින් අගයමි.
හරිම සතුටුයි.
අපෙ රටෙ පවතින රකිය විරහිත බවයට පිලියමක් සොයන්න මෙ ලමඉන්ගෙ කපවිමෙන් ලබෙන ප්‍රසිද්ධිය හෙතුවක් වෙවි.