IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සුවසැරියේ රියදුරුට-හෙදියට පහරදුන් දෙදෙනාට වැඩ වරදී

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

රෝගියකු රෝහල්ගත කිරීමට ගිය සුවසැරිය ගිලන්රථයක රියැදුරකුට හා එහි හෙද නිළධාරිනියකට මහරගම වත්තේගෙදර ප්‍රදේශයේදී සිදු කළ පහරදීමක් සම්බන්ධයෙන්  පුද්ගලයින් දෙදෙනෙකු  අද(19) අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහරගම වත්තේගෙදර හා පිළියන්දල පදිංචි (26) හැවිරිදි දෙදෙනකු බව පොලීසිය කියයි .
අසනීප තත්ත්වයන් පසුවන පුද්ගලයෙකු රෝහල් ගත කිරීම සඳහා පැමිණෙන ලෙසට  1990 සුවසැරිය ගිලන්රථ මධ්‍යස්ථානයට ඇමතුමකට ඇමතුමක් ලැබී තිබූ අතර ඒ අනුව  මිරිහාන පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරත සුව සැරිය ගිලන් රථයක් මහරගම  වත්තේගෙදර විලියම් අල්විස් මාවත ප්‍රදේශයට එදින අලුයම 01 පමණ ගොස් තිබේ.
එම අවස්ථාවේදී  බීමතින් සිටි පුද්ගලයින් පිරිසක් රෝහල්ගත කරන ලෙසට එහි සිටි පුද්ගලයින් පැවසීමත් සමඟ ගිලන් රථයේ හෙද නිධාරිනිය ඊට විරෝධය පළ පළකර ඇති අතර එ සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර බහින්බස් වීමක් සිදු වී පසුව සුවසැරිය ගිලන් රථයේ රියැදුරාට සහ එහි හෙද නිළධාරිනියට පහර දී තිබේ.

පසුව පහරකෑමට ලක් වූ දෙදෙනා 1990 සුව සැරිය ගිලන් රථ මධ්‍යස්ථානය දැනුවත් කොට ඇති අතර එහි නිලධාරීන් වෙනත් ගිලන් රථයක් එම ස්ථානයට ගෙන්වා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ .
ඔවුන්ගේ තත්වය සාමාන්‍ය බවද  පොලිසිය කියයි .

 

 



අදහස් (1)

සුවසැරියේ රියදුරුට-හෙදියට පහරදුන් දෙදෙනාට වැඩ වරදී

කොන්දොස්තර Saturday, 20 May 2023 08:19 AM

සුවසැරිය ආරම්භ කළ අවස්ථාවේ ඒක විනාශ කරන්න පිරිසක් උපරිමයෙන් උත්සාහ කළා. එම උත්සාහය අලුයට ගිණි පුපුරු වගේ තියෙනවා කියලා හිතෙනවා. මේක එම ගින්න නැවතත් මතුවීමක් වෙන්නම පුළුවන් හොඳින්ම සොයා බලන්න...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site