
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක යෙදෙන ඉන්දීය විදේශ ඇමති ආචාර්ය එස් ජයිශංකර් මහතා 1990 සුවසැරිය ගිලන් රථ සේවා මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක අද {29} නිරත විය.
ඉන්දීය විදේශ ඇමති ආචාර්ය එස් ජයිශංකර් මහතා එහිදී සුවසැරිය ගිලන් රථ සේවාවේ නිර්මාතෘ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාට සුවසැරිය ගිලන් රථ සේවාව ආරම්භ කිරීමට සිදුකළ කැපකිරීම සම්බන්ධයෙන් විශේෂ ස්තුතියක් පිරිනැමීය.
මේ වන විට දුරකථන ඇමතුම් මිලියන 5 කට වඩා ප්‍රතිචාර දක්වා ඇති 1990 සුවසැරිය ගිලන් රථ සේවාව ලබා ඇති ජයග්‍රහණ සහ තබා ඇති වාර්තා පිළිබඳ ඉන්දීය විදේශ ඇමති ආචාර්ය එස් ජයිශංකර් මහතා සතුට පළ කළේය.
ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත බේරාගැනීමට ඉන්දියාවට දායක වීමට හැකි වීම පිළිබඳව ඉන්දියාව ආඩම්බර වන බව එහිදී ආචාර්ය ජයිශංකර් මහතා ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය ,ඉන්දීය මහා කොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා සහ සුවසැරිය ගිලන් රථ සේවාවේ නිර්මාතෘ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සහභාගී වී සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහන්සි වෙලා හැමතැනම ඇවිදලා ඉන්දියාවට සම්බන්ධ ලංකාවෙ ව්‍යපෘති ගැන හොයා බලනවා. ලංකාවේ විදෙස් ඇමැති AC කාමරයෙන් එළියට එන්නේ නැහැ. හිඟමන් ඉල්ලන සීයෙක් වගේ තමයි අපේ විදෙස් ඇමැති මට පේන්නේ...
මෙතුමා ශ්‍රී ලංකාවට අමුත්තෙක් නොවෙි. 1988- 1991 වසර වල ලංකාවෙි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකමි තුමා ලෙස රාජකාරී කටයුතු කර ඇත.
සුව සැරිය හඳුන්වා දෙන අවධියේ එවකට විපක්ෂයේ සිටි මුකරී දේශපාලකයින් කොතරම් විවේචනය කළාද? අද තත්ත්වය එම රජය කාලයේ තිබුණි නම් ඔය මුකරියෝන්ගේ කටවල් ඉතුරු නොවෙන ගානට කෑ ගහල දෙවනත් කරාවි. කොවිඩ් කාලයේ එය කොතරම් සේවයක් කලාද?
ඔය බලන්නේ නිකමට නෙවෙයි රජෝ...!!!
ඉතාමත් හොඳ ව්‍යාපෘතියක්...!!!
ජාතිවාදයෙන් රටක් ගොඩනගන්න බෑ.. ඒක බහුතර සිංහල ජනතාව තේරුම් ගන්නකොට රට බංකොළොත් වෙලා ඉවරයි...