(කටුනායක ටී.කේ.ජී.කපිල )
ස්විස්ටර්ලන්තය සහ ජර්මනියේ නීති විරෝධී ලෙස රැඳී සිටියදී එරටින් පිටුවහල් කළ ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතිකයෝ 24 දෙනෙක් විශේෂ ගුවන් යානයකින් එම රටවල ආගමන විගමන නිලධාරින් විසින් මෙරටට අද රැගෙන ආහ.
එම රටවල ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් පසුගිය 2012 සහ 2013 යන වර්ෂ වල සිට මෙම පිරිස නීති විරෝධී ලෙස එම රටවල රැඳී සිටිය දී එරට ආරක්ෂක අංශ අත් අඩංගුවට ගෙන එම රටවල අධිකරණවලට ඉදිරිපත් කිරීමෙන් පසු මෙසේ පිටුවහල් කර එවා තිබුණි .
ජර්මනියේ සිට 20 දෙනකුද , ස්විට්සර්ලන්තයේ සිට 04 දෙනකු ද මෙසේ පිටුවහල් කර එවා තිබුණි .
එම පිරිස අතර කාන්තාවක් ද සිටියාය .
මෙම පිරිස සමග ජර්මනියේ සහ ස්විට්සර්ලන්තයේ ආගමන විගමන නිලධාරීන් සහ එම රටවල ආරක්ෂක නිලධාරීන් විශාල පිරිසක් ද මෙම ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඇත්තටම, පහුගිය කාලේ ස්විට්සර්ලන්තයේ ජිනීවා වල සිංහ කොඩි කරේ තියාගෙන, නැට්ට උස්සගෙන රිලා නැටුම් හා නරි නාඩගම් නැටූ පුහු දේශප්රේමීන්වත් ඔය විදිහට ගහලා පන්නන්න තිබුනේ නැද්ද ඔය රටවලින්?
පිටුවහල් කිරිම බොහෝම හොඳයි. මේ අය ගිය තැනක් ඇත්නම් වනකරලා දාලා වැදගත් විදිහට ජීවත්වෙන ශ්‍රී ලාංකිකයින් නමත් කනවා.
හොඳ වැඩේ ඔවුන් අපිටත් එපා.
අතුරුදහන් වූ අය ඔන්න එනෝ..