
(තිලකරත්න දිසානායක සහ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
බෙම්මුල්ල පොලිස් බල ප්‍රදේශයට අයත් අලුත්ගම-බෝගමුව ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක සිව්වන මහලින් වැටී එක්දරු මවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව බෙම්මුල්ල පොලීසිය සඳහන් කරයි.
මෙසේ මියගොස් ඇත්තේ වෙරගලගේ චතුරිකා මදුෂානී අබේරත්න නමැති 31 හැවිරිදි එක් දරු මවකි.
අලුත්ගම - බෝගමුව ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයක, නිවසක් කුලියට ගෙන මියගිය තැනැත්තිය සැමියා සහ දරුවා සමග වාසය කොට ඇති අතර ඊයේ (16) රාත්‍රී 11 ට පමණ නිවසේ සිව්වන මහලින් බිමට වැටී ඇති බවත් සැමියා විසින් මැය ගම්පහ රෝහලට ඇතුලත් කරනවිට මියගොස් ඇති බවත් පොලීසිය පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තල්ලු කරලද ? පැනලද ?පනින්න වැඩ සිද්ධ කලාද ?