IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


සිව්වැනි ණය වාරිගය අනුමතයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ණය අරමුදල් වැඩසටන ක්‍රියාත්මක කිරීමෙහිලා ශ්‍රී ලංකාවේ ලබා තිබෙන ප්‍රගතිය මැන බැලීම සඳහා සිදුකළ තෙවැනි සමාලෝචනයට එම අරමුදලේ විධායක කමිටු අනුමැතිය ඊයේ(28) හිමිවිය.

ඒ සමග මෙරටට ලබාදී ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාස 48ක විස්තීර්ණ ණය අරමුදල් පහසුකම යටතේ සිව්වැනි වාරිකය ලෙස ලබාදීමට නියමිතව තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 334 වහාම නිදහස් කිරීමට විධායක කමිටුව අවසර ලබාදුන්නේය.

ඒ සමග මෙතෙක් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු ණය මුදල් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.34 දක්වා ඉහළ යයි.

ණය අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහිලා ශ්‍රී ලංකාව ලබාගෙන තිබෙන ප්‍රගතිය ඉතාමත් ශක්තිමත් බවත් සමාජීය වියදම් ඉලක්කය හැර පසුගිය වසරේ දෙසැම්බර් මාසය අවසන් වනවිට සපුරාලිය යුතු දර්ශක ඉලක්ක සියල්ල ශ්‍රී ලංකා සපුරා ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය.

එසේම පසුගිය ජනවාරි මස අවසන් වනවිට සපුරාලිය යුතු ව්‍යුහාත්මක කඩඉම් සියල්ල ශ්‍රී ලංකාව සපුරා හෝ ප්‍රමාදයක් සහිතව ක්‍රියාත්මක කර තිබෙන බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවැසුවේය. ශ්‍රී ලංකාව මෑතකදී සාර්ථකව අවසන් කළ බැඳුම්කර හුවමාරුව ණය තිරසරභාවය නැවත ඇති කිරිමේ දිශාවට තැබූ ප්‍රධාන සන්ධිස්ථානයක් බවද එම අරමුදල ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයන් ඵල දරමින් තිබෙන බවත් මෙරට ආර්ථිකය යථා තත්වයට පත් කිරීමේ ගමන ඉන් වේගවත් වී ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවැසුවේය. කෙසේ වෙතත් තවත් මෙරට ආර්ථිකය අවදානම් තත්වයේ පසුවන බවත් ණය තිරසරභාවය ඇති කිරීමටත්, ආර්ථිකය කල්පවතින යථා තත්වයකට පත් කිරීමේ මාර්ගයකට යොමු කිරීම සඳහාත් ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය අඛණ්ඩව ඉදිරියට රැගෙන යාම අත්‍යාවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ක පමණ මාස 48 විස්තීරණ ණය අරමුදල් පහසුකම් 2023 වසරේ මාර්තු 20 වැනිදා ලබාදුන්නේය.

 



අදහස් (3)

සිව්වැනි ණය වාරිගය අනුමතයි

Jothi Saturday, 01 March 2025 02:36 PM

IMF එකත් එක්ක පෝර්ට් බඩුව බෙදිල්ලක්. ආයෙ ලොවෙත් නැහැ.

:       1       4

ගුණරත්න Saturday, 01 March 2025 06:34 PM

අයියෝ ඔය සල්ලි ඕනෑ නැහැ...

:       2       4

සෙනෙවිරත්න Sunday, 02 March 2025 06:52 AM

IMF උගුලේ රට හිරකරපු අයත්, ඒකම කරන්න හිටපු අයත් මේ රජය ඒක කරණකොට ඊර්ෂ්‍යාවේ බැරිව නාහෙන් අඬනවා... හැබැයි මේ රජය දැඩි කොන්දේසි ලිහිල් කරගෙන යන්නේ..., මාසෙන් රට ඉවරයි කියපු අය කෝ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 803 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2453 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1768 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site