(නිමල කොඩිතුවක්කු)
දින වකවානු සඳහන් කරමින් නිශ්චිත කාළ සීමාවක් තුළදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා නිර්පාක්ෂික අපේක්ෂකයෙකු ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතු බවට වන ප්‍රබල ඉල්ලීමක් සිවිල් සංවිධාන විසින් එක්සත් ජාතික පෙරමුණේ නායකයින් වෙත ඉදිරිපත් කර තිබේ.
වර්ෂ 2015 දී යහපාලනය සඳහා වූ ජාතික රජය පිහිටුවීමට ප්‍රබල දායකත්වයක් දැක්වූ සිවිල් සංවිධාන රැසක එකමුතුවෙන් ඉදිරිපත් කර තිබෙන ඉහත යෝජනාවට අනුව නිර්පාක්ෂික ජනාධිපති අපේක්ෂකයන් තිදෙනෙකුගේ නම් යෝජනා වී ඇති අතර ඉන් ඉහළම ස්ථානයේ සිටින්නේ කතානායක කරූ ජයසූරිය මහතායි.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා නිර්පාක්ෂික ජනාධිපති ධූර අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බවට වන සිවිල් සංවිධාන යෝජනාව එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත සදුදා (16) නිල වශයෙන් දැනුම් දීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය සිවිල් සංවිධාන කියන අයට ඕනේ නිර්පාක්ෂිකයෙක් නම් කොහොමද එජාප එකෙන් ඉල්ලන්නේ.. තවත් ඕනෙද දෙගොල්ලන්ගෙන්. අපට ඕනේ හොරුන්, මිනීමරුවන් නොවේ. රටට සුබ ලෙස ආදරය කරන මිනිහෙක්.. ඔය71ක් කියපු කරපුවා ඇති අම්මෝ ඇති අයෙත් සුරඟන ලෝක එපා. දෙගොල්ලම කරපු සෙල්ලම්වල කරුමේ අපි කරගහලා තියෙන්නේ..
ඔය ප්‍රබලයි කියන සිවිල් සංවිධාන එකමුතුව ඡන්දෙකට ගියොත් ඒ ගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන්. ඒ ගොල්ලන් කොච්චර ප්‍රබලද කියලා... ඡන්ද 1000ක් ගත්තොත් ලොකු දෙයක්..
ගැලපෙනම කෙනා ගෝඨා තමයි.
නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙක් දිනෙව්වා කියලා වැඩක් වෙන්නේ නැහැ දැන්... එහෙම වුණොත් ඊළඟ මහමැතිවරණයෙන් ආයෙත් රනිල් අගමැති වෙනවා. ඊට පස්සේ ආයෙත් මේ රට දුවන්නේ පරණ දූෂිත දේශපාලන පීල්ලේම තමයි. දැන් මේ රටට වෙනසක් අවශ්‍යයි. මේ රට වසර 71ක් ආපු වැරදි පාරෙන් මුදවාගෙන රට ගොඩනගන්න පුළුවන් විකල්ප බලවේගයක් දිනවිය යුතුයි. ඒ සඳහා අවශ්‍ය නිවැරදි දැක්මක්, විනයක්, කැපවීමක් හා ධෛර්යයක් ඇති අදූෂිත දේශපාලන චරිතය ජවිපෙ නායක ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක පමණයි.
2015 දී නටපු යහපාලන නාඩගම 2 වටය රඟපාලා අායෙත් මේ රටේ ජනතව නොමග යවලා අපහු රනිල්ට රට කන්න අවස්ථාව උදා කරන්නයි මේ ලෑස්ති වෙන්නේ.
නිර්පාක්ෂිකයෙක් ඕනෙලු.. කරු ජයසූරියගේ නම යෝජනා කරනවා. අනික නිර්පාක්ෂිකයෙක් ඉදිරිපත් කරන්න කියලා කාටද කියන්නේ? මේවා ලෝක විහිලුනේද? ඇයි හලෝ එයා උග්‍ර එජාපයෙක්, එහෙම නම් ඝෝඨාභයටත් කියමු නිර්පාක්ෂික වෙන්න කියලා. හොඳයි නිර්පාක්ෂිකයෙක් ජනාධිපති කෙනෙක් පත් වුණා කියමු. එයාට බලතල තිබෙනවා කියලත් හිතමු. පත්වෙන ආණඩුවේ ප්‍රතිපත්ති ජනාධිපතිට ගැලපෙන්නේ නැතිනම් එතැන සිට ප්‍රශ්න... කරත්තෙට එල හරකයි, මීහරකයි බැන්දා වගේ හිටීවි. යහපාලනෙට වුනෙත් එ්කමනේ...
ජනාධිපති බලතල නොතිබුණා නම් බැංකු හොරුන්ට රජ මගුල් නේද? සිවිල් සංවිධාන කියන පල්හොරු හදන්නේ ආණ්ඩුවත් සමග බෙදාගෙන කන්න. සිවිල් සංවිධාන කියන හිමිලා එකතුවෙලා ලිට්රෝ ගෑස් එකෙන් සල්ලිත් අරගෙන ඔය කෙරුවේ.
රනිල්ටයි කියන්නේ නිර්පාක්ෂිකයෙක් ඉදිරිපත් කරන්න කියලා. මේ සිවිල් සංවිධාන කාරයන් බූරු දිවයිනෙන් ඉම්පෝර්ට් කරපු අය වෙන්න ඕනේ.
නිර්පාක්ෂිකයන් මේ රටේ ඉන්නවද? නිහඬව මේ රටට සේවය කරමින් සිටි ජනතාව සඟ, වෙද, ගුරු, කම්කරු, ගොවි යන සියලුදෙනා දේශපාලනයට අන්දාගෙන තම රටට වඩා දේශපාලන පක්ෂ (තමා අදහන) ලොකුයි යන අදහස ජනතාවට දුන්නාට පසු නිර්පාක්ෂිකයන් මේ රටේ නැහැ.
සේරටම කලින් හොයලා බලන්න ඕනෑ මේ සිවිල් සංවිධාන කියන නඩේ කව්ද කියලා. කොටි ඩයස්පෝරාවෙන් මුදල් අරගෙන අපේ රට අස්ථාවර කරන්න බලාගෙන ඉන්නවුන් වෙන්න ඕනෑ.
රටේ සියලු දෙනාම සිවිල් සංවිධාන නියෝජිතයන් සමගයි. අපිත් ඉල්ලන්නේ කරූ මැතිතුමාට හෝ රනිල් මැතිතුමාට නිරපේක්ෂික අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වෙන්න කියලා..
මේ සිවිල් සංවිධානවලට නිර්පාක්ෂික අපේක්ෂකයෙක් ඉන්නවා නම් ස්වාධීනව ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්න පුළුවන් නොවැ. ඒකත් මෙයාලා කියන්නේ රටේ ප්‍රධානම දේශපාලන පක්ෂයක නායකයෙකුට... අනික මේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරගන්න මෙයාලට තියන තදියම මොකද්ද? රටේ තිබෙන වාතාවරණය අනුව මේ රටට ජනතාවගේ සෘජු ඡන්දයෙන් බලයට පත්වන විධායක රාජ්‍ය නායකයෙකු සිවීමේ අවශ්‍යතාව තේරුම් ගන්නවත් මොළයක් නැති හැටි?
අනේ මොවුන්ගේ සිවිල් සංවිධාන... ඔවුන් කියන අයට ඡන්දය දීපු කාලේ ඉවරයි. 2015න් අපි හිතුවේ අපිට නොපෙනෙන විචක්ශණ බුද්ධියක් ඇති උගතුන් කියලා. අපි දැන්තමයි අපට තේරෙන්නේ ඔවුන්ට වැඩිය අපි බුද්ධිමත් කියලා. අපේ හැඟීමට, දැනීමට ඉඩදුන්නා නං අද අපිට මෙහෙම කෙලවෙන්නේ නෑ. කෝ ඔය උගත් බුද්ධිමත් මහත්තුරු රටට කෙළවීමට වගවෙනවද? අනික ඔහෙලට ඡන්ද කීයක් විතර ගතහැකිද? 5000- 10000 ?
කවුරු කොහොම කිව්වත්, මම නම් යෝජනා කරන්නේ හොරු ඇල්ලිය හැකි හොඳ පොලිස් සුනඛයෙක් මේ රටේ නායකත්වයට ඉතාම සුදුසුයි. අන්න එතකොට තමයි මේ රටේ මහ ජනතාවට වුණත් ගැලපෙන විදිහේ නායකයෙක් බිහිවන්නේ. බල්ලට ගිය රටේ ධර්මිෂ්ඨ මනුස්සයෙක් ජනාධිපති වෙයි කියා සිතීමත් විහිළුවක්...
නිල්, කොළ සහ රතු අලි පැටව් අදාලම නැහැ ඉදිරියට... සැබෑ නිර්පාක්ෂික අපේක්ෂකයා වෙනත් කෙනෙක්...