IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සිවිල් භටයන්ට පඩිය ආපහු?

(සුජිත් හේවාජුලිගේ)

යුද්ධයේදී මියගිය හා පූර්ණ ආබාධිත තත්වයට පත් වූ සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයන්ට වයස 55 සම්පූර්ණවීමෙන් පසු අහිමි වූ වැටුප නැවත ලබාදීමට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ  විශේෂ අවධානය යොමුවී ඇත.

යුද්ධයේදී මියගිය සිවිල් ආරක්‍ෂක බලකා සාමාජිකයින්ගේ ළඟම ඥාතීන්ට  සහ යුද්ධය හේතුවෙන් පූර්ණ ආබාධිත තත්වයට පත්වූ සිවිල් ආරක්‍ෂක බලකා සාමාජිකයින්ට වයස 55‍ සම්පූර්ණ වන තෙක් වැටුප් හිමිවිය. වයස 55 සම්පූර්ණවීම සමග ඔවුනට  වැටුපක් හෝ විශ්‍රාම වැටුපක් නොලැබීමෙන්  අපහසුතාවයට පත්ව සිටින බවට කරුණු අනාවරණය වීමෙන් පසු රාජ්‍ය අමාත්‍යවරයා එම තත්වය නිවැරදි කිරීමට උත්සාහ දරමින් සිටින බව  ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයන්ගේ  මෙම දීමනාව සම්බන්ධයෙන්  ජනාධිපතිවරයා දැනුවත් කිරීමෙන් පසු එය ලබාදීමට  ජනාධිපතිවරයාගේද ඉහළ අවධානය යොමුවී  ඇතැයි රාජ්‍ය අමාත්‍ය  ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් අනුමැතිය ලබා ගැනීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය සහ සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂක එයාර්  වයිස් මාෂල්  රොෂාන් බියන්විල  මහතාද මේ දිනවල කටයුතු කරගෙන යන බව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ



අදහස් (4)

සිවිල් භටයන්ට පඩිය ආපහු?

Buddika Friday, 10 May 2024 02:56 PM

මේව චන්දෙ පෙනි පෙනී දෙන අල්ලස්..මේ දිනවල කරන සියලුම සංවර්ධන වැඩත් අල්ලස්.මේ මොනවා දුන්නත් මිනිස්සුන්ගෙ එපාවීම එක සමයි

:       7       21

පිටරටවැසියා Friday, 10 May 2024 03:58 PM

මෙච්චරකල් හූරන් කාලා මැතිවරණෙ ලං වුණාම නත්තල් සීයාටත් කිට්ටුකරන්න බැරිවිදිහට බෙදාගෙන යන්නෙ...ඇයි මේ අනුකම්පාව මීට කලින් පහළ නොවුණෙ???

:       6       16

Nimal Friday, 10 May 2024 07:30 PM

ඡන්දයක් එන්නම අවශ්‍යයි... මෙවන් වැදගත් තීරණ ගන්න.

:       3       6

Perera Saturday, 11 May 2024 06:53 AM

ඡන්දෙට මොවුන්ගේ කුණු වැඩ කරවාගන්න ඔය හදන්නේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site