(අංජුල මහික වීරරත්න)
සිවිල් ගුවන් සේවා පනත (2010 අංක 14 දරණ) සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ගගන නාවික සේවා සැපයීම සඳහා සේවා සැපයුම්කරුවන් වැඩි සංඛ්‍යාවකට ඉදිරිපත් වීමට හැකිවන පරිදි 2010 අංක 14 දරණ සිවිල් ගුවන් සේවා පනතේ 6(3)(ඉ) වගන්තිය සංශෝධනය කිරීම සඳහා මාර්තු 27 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ .
ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපති අවසරය ලැබී ඇත.
එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය වරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd