(අංජුල මහික වීරරත්න)

සංවර්ධන බලපත්‍ර සඳහා අවශ්‍ය සියලුම අනුමැතීන් එක් ස්ථානයකින් කඩිනමින් ලබාගැනීමට හැකියාව ලැබෙන  “One Stop Unit” ක්‍රමය අනිද්දා (10) සිට හඳුන්වාදෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

සාමාන්‍ය ක්‍රමවේදයට අනුව ආයෝජකයකුට සියලුම සේවා සපයන ආයතනයන්හි අවසරය ලබාගෙන සංවර්ධන බලපත්‍ර සඳහා අනුමැතිය ලබාගැනීමට කාලයක් ගත වන නමුත් නව සේවා ඒකකය හඳුන්වාදීමත් සමඟ සංවර්ධන බලපත්‍ර අනුමත කිරීමට ගතවන කාලය  දින 10 – 21 අතර අඩු වන බව අමාත්‍යවරයා කීය.

මාර්ගගත ක්‍රමය ඔස්සේ (online) සංවර්ධන බලපත්‍ර සඳහා අනුමැතිය ලබාදීමෙන් ඉහළ බලධාරීන්ට මෙන්ම ආයෝජකයාටද අධීක්ෂණය කිරීමේ ප්‍රවේශය ලැබෙන බවද  එමඟින් නියාමනයේ විනිවිදභාවය වැඩිකළ හැකි වනු ඇතැයිද අමාත්‍යවරයා කීය.