IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


සංවර්ධන ව්‍යාපෘති ප්‍රමාද කරන්න එපා

(අංජුල මහික වීරරත්න)

දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති ප්‍රමාද වීම වළක්වා ගනිමින් එහි ප්‍රතිලාභ නියමිත කාලයේ ජනතාවට ලබා දීම අදාළ දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරින්ගේ වගකීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

යම් සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කළ විට එය අවසන් කරන දිනය දක්වා ඉලක්ක ගත සැලැස්මක් රාජ්‍ය නිලධාරීන් සතුව තිබිය යුතු බවද ජනාධිපතිවරයා කීය. 

පසුගිය කාලයේ ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘති නියමිත කාලයට අවසන් නොකිරීම සහ ඒවායේ ව්‍යාපෘති කාලය දීර්ඝ කරමින්, ඇස්තමේන්තුගත වියදම ඉහළ නැංවීම හේතුවෙන් එම ව්‍යාපෘතින්හි ප්‍රතිලාභ මෙන්ම ආයෝජනය කරන මුදලේ ප්‍රතිලාභද රටට අහිමි වු බව අවධාරණය කළ ජනාධිපතිවරයා මේ වසරේ සිට ආරම්භ කෙරෙන සියලු සංවර්ධන ව්‍යාපෘති නියමිත දිනට අවසන් කිරීමට කටයුතු කළ යුතු බවද ප්‍රකාශ කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ අද (6) පස්වරුවේ මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති මොනරාගල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමිනි.

මොනරාගල දිස්ත්‍රික්කයේ  2025 වසරට අදාළව විවිධ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා ආයතන විසින් ක්‍රියාත්මක කරන ලද සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ ඉදිරි සංවර්ධන අවශ්‍යතා විමසා බැලීමද මෙහිදී සිදු කෙරිණි.

ජනතාවට අත්‍යවශ්‍ය සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ඕනෑම අවස්ථාවක මුදල් වෙන් කිරීමට සූදානම් බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා මහා භාණ්ඩාගාරය සතු මුදල් ගමට ගලා යාමට නම් ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති වේගවත් කළ යුතු බවද පෙන්වා දුන්නේය.

කොටියාගල, කැබිලිත්ත රක්ෂිතයේ මායිම් ලකුණු කිරීම හේතුවෙන් ගොවි බිම් අහිමි වූ ගොවීන්ගේ ගැටලුව පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණු අතර ගොවීන්ගේ වගා බිම් ආශ්‍රිත ගැටලු විසඳීමට විධිමත් ක්‍රමවේදයක් සකස් කරන ලෙසද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.



අදහස් (0)

සංවර්ධන ව්‍යාපෘති ප්‍රමාද කරන්න එපා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1968 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1545 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site