
(යොහාන් භාසුර)
සමස්ත ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට මාර්ගයේ මේ වන විට පත්වන විරෝධතාව හේතුවෙන් එම මාර්ගය අවහිරවීමෙන් දැඩි වාහන තදබදයක් නිර්මාණය වී තිබේ.
සංවර්ධන නිලධාරීන් දහසකට අධික පිරිසක් සහභාගි වී සිටින එම විරෝධතාව හේතුවෙන් කොටුව දුම්රිය ස්ථාන ඉදිරිපිට මාර්ගය ගාලුමුවදොර දෙසට තීරුව සමපූර්ණයෙන්ම අවහිරවී තිබේ.
‘පාසල් සංවර්ධන නිලධාරීන් වහා ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරනු’ යන සටන් පාඨයෙන් සංවර්ධන නිලධාරීහූ මෙම විරෝධතාව පවත්වති.
(ඡායාරූප: ශාන්ත රත්නායක)


2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සංවර්ධන නිලධාරීන්ගේ විරෝධතාවෙන් කොටුව අවහිරවෙයි
මාලිමාවට ජය Monday, 10 June 2024 01:09 PM
තව මාස කීපයක් ඉවසන්න. ජවිපෙ ආණ්ඩුවකින් රටේ සියලු ප්‍රශ්න මෙන්ම ඔබගේ ප්‍රශ්නවලට ද විසදුම් ලැබෙනු ඇත.
Amila Sampath Monday, 10 June 2024 01:56 PM
මුන්ට ගහලා එලවන්න ඕන කාලකණ්නි... මුන්ගේ කිසිම වැඩක් නැ රටට
Banda Monday, 10 June 2024 01:58 PM
විභාගයකට ලියලා ජොබ් එකකට යන්න බැරි අපතයෝ ටික . සහතිකේ දුන්නම පත්වීම දෙන්න බැඳිල ඉන්නවා කියලා හිතාගෙන ඉන්නෙ. ඇයි ඉතින් සංවර්ධන නිලධාරී පත්වීම ගත්තෙත් නිකංම උපාධි සහතිකේ පෙන්නලා විතරයිනේ. පුළුවන්නම් විභාග වලට ලියල ජොබ් එකකට එන්න ට්‍රයි කරපල්ලා. ඒක මාර සුපිරි සතුටක්.
Primeshika Monday, 10 June 2024 03:26 PM
විභාග ගොඩකට ලියලා තමයි උපාධිය ගත්තෙ බන්ඩො..
රනේ Monday, 10 June 2024 02:53 PM
සංවර්ධනේ එපාවෙලා ද? නැත්නම් 2048 වෙනකම් ඉන්න වෙන නිසාද?
Ruwan De Silva Monday, 10 June 2024 03:27 PM
මම ජනපති වුනා නම් උද්ඝෝෂණ කරන රාජ්‍ය සෙවකයන් ද, කැම්පස් අයද ගෙදර යවනවා. මිනිස්සුන්ට කාලය කියන දේ සල්ලි වලට ගන්න බෑ. ඔය කෑ ගහන අයත් දේශපාලන පන්දම්කාරයෝ මිසක් විභාග පාස් වෙලා ආපු අය නෙමෙයි. ප්‍රධාන රාජ්‍ය ආයත හැර අනෙක් ඔක්කොම පෞද්ගලික කරන්න ඕනේ. ETF/EPF වෙනුවට හැම රාජ්‍ය/ පෞද්ගලික හැම කෙනාටම යුරෝපයේ pension fund එකක් හැදුවම රජයේ තැන්වලට පොරකන එක නවතිනවා. මම වැඩ කරන්නේ නෙදර්ලන්තයේ පෞද්ගලික සමාගමක මට 60-65 පස්සේ විශ්‍රාම වැටුපක් දෙනවා. රජයේ අයට වඩා පෞද්ගලික සමාගමේ වල වාසි වැඩියි සතියට දවස් 5යි දවසට පැය 6යි. යන්නේ එන්නේ පුස් බයිසිකලේ. මට දුකයි ලංකාව ගැන. නොනා සුද්දියෙක් හින්දා ලංකාව ගැන ආඩම්බරයෙන් කියන්න ලැජ්ජයි
Gihan Monday, 10 June 2024 03:50 PM
මේ රතු ලප හත්ත ඉදකින් විතරක්. රට ගිනිතියෙනවා. ඇයි ඉතිං හොදට සල්ලි පිදේනිය හම්බ වෙනවනේ.
Indika Liyanagama Monday, 10 June 2024 06:25 PM
අපි නිදහස අරගෙන අවුරුදු 76 ක් වෙනවලුනේ රට නිදහස් වෙනකොට තිබුන තත්වයෙන් ආලෝක වර්ෂයක් පමණ ආර්ථිකය පස්සට ගිහිල්ලා ඊළඟට ඔය සංවර්ධන නිළධාරි කියන තනතුර ආරම්භ වෙලා දැනට අවුරුදු 25 ක් පිරෙනවා ඉතින් මේ කට්ටිය රටේ සංවර්ධනයක් කලානම් ඒවා මොනවාද කියලා දන්න කෙනෙක් කියන්න
රසික Tuesday, 11 June 2024 12:16 AM
ගුරු සේවයට යන්න නියමිත ක්‍රමයක් තියෙද්දි මෙයාලා හොරපාරවල් හොයනවා. ඉන්න බැරිනම් පලයව් කියලා එලවලා දාන්න තියෙන්නෙ.