IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ස්වෛරී බැඳුම්කර ප‍්‍රතිව්‍යුහගත කරන්න කැබිනට් අනුමැතිය

(අංජුල මහික වීරරත්න)

ස්වෛරීණය ණය තිරසාරත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප‍්‍රතිව්‍යුහගත කිරීම ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2024 ජුනි මාසයේදී ශ්‍රී ලංකා රජය විසින් ප්‍රධාන ද්විපාර්ශ්වික ණය දෙන්නන්ගේ නිල ණය දීමේ කමිටුවේ (OCC) සාමාජිකයින් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ අවසන් එකඟතාවකට පැමිණෙන ලදී. 

2024 සැප්තැම්බර් මාසයේදී ප්‍රතිපත්තිමය වශයෙන් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 14.2ක පමණ ස්වෛරී ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව ජාත්‍යන්තර ආයෝජකයින්ගේ නියෝජිත කණ්ඩායමක් වන ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් (AdHoc Bond Holders) තත්කාර්ය කණ්ඩායමක් සහ ශ්‍රී ලංකාවේ දේශීය බැඳුම්කර හිමියන්ගේ එකමුතුව (Local Consortium of Sri Lanka) සමඟ පවත්වන ලද සම්මුති සාකච්ඡාවන්ගෙන් අනතුරුව, අන්තර්ජාතික බැඳුම්කර හිමියන් සමග මූලික වශයෙන් එකඟතාවකට පැමිණියේය.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරීත්ව ණය සංයුතිය, ආයෝජකයින් සහ පියවීම් සම්බන්ධයෙන් කරුණු සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා ආර්ථිකයට සිදු කරනු ලබන බලපෑම් පිළිබඳව ශ්‍රී ලංකා රජයේ මූල්‍ය හා නීති උපදේශකයින් විසින් සිදු කරන ලද විශ්ලේෂණයකින් අනතුරුව සහ ශ්‍රී ලංකාව සඳහා වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ වන විධිවිධාන පරිදි එම අරමුදල විසින් සිදු කරනු ලබන ණය තිරසර විශ්ලේෂණය මඟින් පෙන්වා දෙන ලද පරාමිතීන්ට අනුව, දැනට පවතින බැඳුම්කර සඳහා නව බැඳුම්කර හුවමාරු කිරීමේ මාර්ගයෙන් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කරණය සඳහා මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කරන ලද යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (1)

ස්වෛරී බැඳුම්කර ප‍්‍රතිව්‍යුහගත කරන්න කැබිනට් අනුමැතිය

Darmasiri Tuesday, 26 November 2024 03:25 PM

මේකත් අර අච්චු ගැහුවේ නැහැ වගේ වැඩක් වෙන්න බැරිද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 634 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1104 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site