
(අංජුල මහික වීරරත්න)
ඖෂධ, ඉන්ධන සහ පොහොර සපයා ගත නොහැකිව දුක්විඳී අතීතය කිසිවෙකු අමතක නොකළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
මතු පරපුරට එවන් අඳුරු අත්දැකීමකට ඉඩ නොතබා නව ආර්ථික පරිවර්තනයක් තුළින් ශ්‍රී ලංකාව ගොඩනැගීමට රජය ඉදිරිපත් කර ඇති වැඩපිළිවෙළ සමඟ සියලුදෙනා එක්විය යුතු බවද ජනාධිපතිවරයා කීය.
ජනාධිපතිවරයා මේ බව කීවේ බොරලැස්ගමුව ගෝල්ඩන් රෝස් හෝටලයේ පැවති සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ ශාලා හිමියන්ගේ සංගමයේ 09 වන සම්මේලනය අමතමිනි.
ඊට සහභාගී වූ සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා,
සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ ශාලා හිමියන්ගේ සංගමය පසුගිය දුෂ්කර කාලපරිච්ඡේදයේ දී ලාභය නොතකා සේවය ලබා දුන්නා. අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කරන්නේ ද එයයි. එතුමාට මෙතරම් කෙටි කාලයකින් රට ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීමට හැකි වෙයි කියා අපද සිතුවේ නැහැ. නමුත් අපට අද එය පිළිගැනීමට සිදු වී තිබෙනවා. ඇස් පෙනෙන කන් ඇසෙන කෙනෙක් නම් එතුමා අපේ රට මේ තත්ත්වයට ගෙනවිත් තිබෙනවා කියා පිළිගන්න වෙනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ ණය ගෙවන්නේ නැතුව තව ණය අරන් පොහොර ඉන්ධන ගෙනලිලා ලොරි ටෝක් දෙනවා හරියට ආර්ථිකය දියුණු කරලා වගේ
රට ගොඩදාන්න රට වට්ටපු එවුන් එකික එකතු වෙන්න කියන්නේ අපිටද පිස්සුඔහෙලාටද?
කොරෝනා කාලේ ලාභය නොතකා ෆාමසියකින් මාස්ක් එකක් දුන්නේ රුපියල් 350 ට
හොරු හෙලුවෙන්ම එලිබැහැලා...
මේ රාජිත, ඩීල් දාස, සුසිල්, මනූෂ කිසිසේත්ම විශ්වාස කරන්න බැහැ, ඔවුන් තමයි හරියට කියනවා නම්, සර්ව පාක්ෂික සාමාජිකයෝ. විශේෂයෙන්ම මෙම රාජිත තමයි වරක් කියා තිබුනා, එදා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට ගාමිණි දිසානායක සහ රනිල් අතර පැවති රහස් ඡන්දයේදී, ඔහු රනිලුත් එක්ක ඉඳ ගැන ගාමිණීට ඡන්දය දුන්න කියල. එහම කරලා ඔහුම පසුව ප්‍රසිද්ධියේ කිව්වා. එහම චරිතයක් තමයි රාජිත කියන්නේ. රාජිතටත් ලැජ්ජාවක් නැහැ, රනිල්ටත් ලැජ්ජාවක් නැහැ.
ලූලා නැති වලේ කනයා පණ්ඩිතයා" වගේ පහුගිය සමයේ මේ රට පාලනය කල, නුගත්, හොර, දුෂිත, අමන පාලනයෙන් පසුව මෙතුමා යම් තාක් දුරට මේ රට ස්ථාවර කල බව සත්‍යයක්... නමුත්, ඉතින් තෙල් ටිකයි, ගෑස් ටිකයි ලබා ගන්න පෝලිමේ ඉන්න ඕනා නැහැ කියන එකද රටක සංවර්ධනය කියන්නේ... ලංකාව හදන්න නම්, ඔය පාර්ලිමේන්තුවේ දැනට සිටින හා විශ්‍රාම ගිය අයගේ වරප්‍රසාද කපා හරින්න ඕනා... ඔවුනුත් රටේ අනෙක් ජනතාව මෙන් විශ්‍රාම වැටුපෙන් ජීවත් විය යුතුයි... විශ්‍රාම ගිය ජනාධිපති ලාට ආරක්ෂකයින් මොකටද..? ඔවුන්ට රජයෙන් නිවාස ලබා දෙන්නේ ඇයි..? වරප්‍රසාද ලබන මෙතරම් විශාල ඇමති මණ්ඩලය නඩත්තු කරන්නේ මේ රටේ ජනතාවගේ බදු මුදලින් නේද..? රාජ්‍ය අමතිලාගෙන් සිදුවෙන සේවය කුමක්ද..? හොර තක්කඩි කල්ලියක් මේ රටේ ජනතාවගේ රීරි මාංශ හුරා ගෙන කමින් ප්‍රභූන් ලෙස වැජබෙනවා...රටේ ජනතාව හිඟන්නන් කර, නුඹලා ලබන සැප වලට මේ සසර පුරාවටම වන්දි ගෙවන්න සිදුවෙනවා..අනෙකුත් රටවල නායකයින් තමන්ගේ ජාතිය ලෝකයේ ප්‍රෞඩ ජාතිය බවට පත්කරන්න මොනතරම් වෙහෙස වී කටයුතු කරනවාද..? නුඹලයි අපියි දෙගොල්ලොම මේ ලෝකෙන් චුත වෙලා වැනසිලාම යන්න ඕනා කියලයි මම නම් ප්‍රාර්ථනා කරන්නේ!!!
බලලෝබී බඩගෝස්තරවාදී කාලකන්නි දුශිත දේසපාලුවෝ ඔක්කොම එකතුවෙලා රටම බන්කොලොත් කෙරුවා ? නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කෙරුවා.හොන්දට තිබුනු අපේ රට ලෝකෙම හිගාකන තත්ත්වයකට පත් කෙරුවා .අතීතය ගැන අපිට අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .
මෙහි ඇති උත්ප්‍රාසය වන්නේ ආර්ථික අර්බුදය ඇති වීමට ප්‍රධාන වශයෙන්ම බලපෑ හේතු කාරණාවලට මුල් අඩිතාලම දැමු ආණ්ඩුවේ අගමැති ලෙස කටයුතු කල පුද්ගලයාම ආර්ථිකය බේරා ගත් පුද්ගලයා වශයෙන් උත්කර්ෂයට නැංවීමයි. ඉතිහාසයේ පෙර නොවූ විරු තරමට විදෙස් ණය ලබා ගෙන රටට පලදායි වැඩක් නොකල ආණ්ඩුවේ අගමතිවරයා සහ එහි සුව ඇමති වශයෙන් සිටි පුද්ගලයාම තම තමන්ගේ පිට කසා ගැනීමයි. කෙසේ වුවත්, රනිල් ජනාධිපතිවරයාගේ සුවච කීකරු ගෝලයා වන අනුර කුමාරත් මෙම පින්තුරයේ සිටියා නම් වඩාත් සුදුසුයි
රාජිත මෙදා පනින්නේ නැ. නමුත් සජබේ සේරම සැලසුම් ජනාධිපතිට දිලා වැඩේ කරගන්නවා
එකගයි.. එක්ව රට ගොඩනගමු
පට්ට පොරක් එක්ක රට ගොඩදාන්න හදන්නෙ. හොයලා බැලුව නම් කෙහෙලියට එහා
යකෝ, මේ කියන්නේ අපි ( මහජනයා) රට බංකොලොත් කරා කියලා. මුන් දෙගොල්ලො එකතුවෙලා රටේ ජනයා ජාති, ආගම් වලට බෙදලා, තරගෙට මහජන ධනය හොරා කාල, රට බංකොලොත් කරලා, අපිට කියනවා එකතු වෙලා රට හදන්න. ඔව් පිනෝ අපි එකතු වෙලා මේ පාර තොපි ඔක්කොම එකට තියලා අකුලෝගෙනම යවනවා. ඊට පස්සේ අපි ජාති, ආගම් බේද නැතුව එකතුවෙලා රට හදනවා.
මහබැංකු සිනි වංචා මිග් වාහන ඒවාත් අමතක කරන්න එපා. ඕන් මතක් කලා
ඡන්දයක් ලං වෙකොට මතක් වෙන්නේ රට හදන්නේ. ඡන්දෙන් පස්සේ
අන්න හරි, ඔවු අපි කවුරුත් එකට සමගියෙන් එකතුවෙලා මේ රට ගොඩ ගන්න ඕනි . අපි කවුරුත් එක්ව එකතුවෙලා රට ගොඩ ගන්නම්. අනේ පින් සිද්ධවෙයි ඔහෙලා කරුණා කරලා චුතවෙලා යනවද ඊළඟ මැතිවරනෙන් පස්සේ වත්? අපිටනම් මහා මල වදයක් වෙලා තියෙන්නේ අල්ලගත්ත තැන මුල අදින්නනේ හදන්නේ හරියට ගෙවලයෝ වගේ.
උබලා මතක තියා ගනිල්ලා අපි දන්නවා උබලා ඔක්කොම හොරැ කියල
රට බංකොලොත් කලෙි කවුද? අවංක මිනිසුන් නෙමෙයි
ගොඩ ගන්න රටක් තියෙන්න එපැයි.. බලලෝභී බඩගෝස්තරවාදී කාලකන්නි, දූෂිත දේශපාලුවෝ එකතුවෙලා මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ නාස්තිය කරලා රටම බන්කොලොත් කරලා හමාරයි...
උබලම තමයි මේ රට බංකොලොත් කරේ, මොකද අපි මේ රට පාලනය කරේ නැහැනෝ, අපි තවත් ඔය සුරංගනා කතා වලට රැවටෙන්නේ නැහැ තොපි ඔක්කොම හොරු, සතොස කඩනකන් බලා ඉදල, මහ බැංකුව කඩනකන් බලා ඉදල, මිනිස්සුන්ට හොර බෙහෙත් පොවල ඔක්කොම සල්ලි පිල්ලි ගහල දැන් එනව අපිට බණ කියන්න අපි රැවටෙයි ඕවට
ප්‍රභාකරන්ව විශ්වාස කරත්, රාජිත නම් විශ්වාස කරන්න එපා.