
(ඉන්දිකා රාමනායක)
පොලිස් විශේෂ කාර්ය බලකායේ මුලස්ථාන විශේෂ වැටලීම් ඒකකයේ භට කණ්ඩායමක් විසින් අද (8) පෙරවරුවේ කටුනායක හා සීදුව යන ප්‍රදේශ වලදී සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනකු ගිනි අවි දෙකක් සමග අත්අඩංගුවට ගනු ලැබීය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මිනුවන්ගොඩ හීනැටිගල ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වු නීල් නැමැත්තාගේ සහෝදරයා යන ‘ජායි ’ සහ තවත් අයෙක් බව විශේෂ කාර්ය බලකාය පවසයි.
මොවුන් දෙදෙනා සන්තයේ තිබී මීලි මීටර් 9 වර්ගයේ උණ්ඩයෙදිහ හැකි ගිනි අවියක්, සහ මිලි මීටර් 9 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි ගල්කටස් වර්ගයේ ගිනි අවියක් භටපිරිස් විසින් සොයාගෙන ඇත.
සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සදහා කටුනායක පොලිසියට බාර දී ඇත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන්නේ පොඩි පොඩි අපරාධකාරයින් ගැනනේ. මැදමුලන කියන කැළෑවෙන් නගරයට ඇවිත් මුළු රටම කොල්ලකන සංවිධානාත්මක හොර පවුල අල්ලන්න රාලහාමිලාට බැරි ඇයි..? රස්සාවට බයද..? නැතිනම් ජිවිතයට බයද..?