
(යොහාන් භාසුර)
පළාත් පාලන නොමැතිවරණයේදී ස්වාධීන කණ්ඩායම් හදාගෙන වෙනත් ලාංඡනවලින් ආවත් විපක්ෂයේ භාවිතාව, දර්ශනය, හැසිරීම වෙනස් නොවනතාක් ජනතාව පිළිනොගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.
කළපලුවාව, පොතුඅරාව, අකුරේගොඩ සහ බොරළුගොඩ යන ප්‍රදේශවල පැවති ජනහමුවලදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සදහන් කළාය.
අපි මාස හයක් ඇතුළත තුන්වෙනි වරටත් මැතිවරණයකදී ඡන්දය දාන්න ජනතාවට තව දවස් හයක් පමණක් ඉතිරිව ඇති බවත් රජයේ වැඩපිලිවෙළ ක්‍රියාත්මක කිරීමට අවශ්‍යය පද්ධතිය හදාගෙන යන ගමනේ ගමේ නායකත්වයත් ගමට සුදුසු ව්‍යුහය හදාගන්න ආණ්ඩුවට ලැබෙන අවස්ථාවක් මෙය බවත් ඇය පැවසුවාය.
වර්තමාන ආණ්ඩුවට ජනතාව රට භාර දෙන විට රටේ තිබුණු තත්ත්වය ගැන ජනතාවට හොඳ අවබෝධයක් ඇති බව කී අග්‍රාමාත්‍යවරිය ඒක ආර්ථික කඩාවැටීමකටත් එහා ගිය ආයතනික මට්ටමේ කඩාවැටීමක් බව ද සදහන් කළාය.
COMMENTS
ඡන්දෙකට මෙච්චර බයවෙච්ච ආණ්ඩුවක් දැකලාම නෑ.
විපක්ෂ දේශපාලන පක්ෂ ස්වාධීන හෝ නොස්වාධීන වීම කෙසේ වෙතත් ඔබගේ ප්‍රෝඩාතන්ත්‍රවාදය නම් ජනතාවට දැන් හොඳ හැටි පැහැදිලි වී ඇත.
ජනතාවගේ තීරණය ජනතාව ගනීවි... ඔයා කලබල වෙන්න එපා... ඡන්දය දෙන විදිහ ගැන ජනතාවට ටියුෂන් අවශ්‍ය නැහැ.
ඔයාටත් කියන්න තියෙන්නේ ඔයටිකම තමයි.
ඒ වගේම තමයි, සාරි, බ්ලවුස්, සල්වාරි ඇඳගෙන පිරිමි රැස්වීම් අමතන්න ගියාට මිනිස්සු දන්නවා, ඒවා ඇතුලේ ඉන්නේ කවුද කියලා ! අඩුගානේ කටහඬ ලයාන්විත වෙන්න හෝර්මෝන ටිකක්වත් එන්නත් කරගන්න...
නැත්තේ මොකද... ජේවීපී එක මාලිමා වෙස් මුහුණ දාගෙන ආවාම ගෝඨාභය එක්ක හිටි 69 ලක්ෂෙන් තොගයක්ම මාලිමාව පිළිගත්තා. ඒ වගේ තව ටිකක් කල් ගියාම ඒ කට්ටියෙන්ම කොටසක් ආපහු තව වෙස්මුහුණකට ඡන්දෙ දේවි. තාම ඔයාලා 6 මාසයකට වඩා වයස නෑනේ. තව අවුරුද්දක් විතර යනකොට ඔන්න අලුත් වෙස්මූණු හොඳයි කියලා හිතෙන්න ගනීවි...
ඔය මාස 6 ආණ්ඩුව මොනවාද කරේ? රනිල්ට බැණ වැදීම විතරක් කළා..!
ස්වාධීන මුහුනු කෙසේ වෙතත් මේකනම් තනිකරම වලස් මුහුනක් වගෙයි