
(මොහොමඩ් ආසික්)
පූජාපිටිය කහවත්ත ප්‍රදේශයේ නිවසක අත්තිවාරමක් සඳහා බැම්මක් ඉදි කරමින් සිටි දෙදෙනෙකු මතට අද(01)පස් කණ්ඩියක් කඩා වැටීමෙන් එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.
මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ පූජාපිටිය දිවානවත්ත ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි ජගත් විජේසූරිය නම් වන සිව් දරු පියෙකි.
අනතුර සිදු වූ වහාම ප්‍රදේශවාසීන් එක්ව දෙදෙනාම ගොඩට ගෙන අකුරණ රෝහල වෙත රැගෙන ගියත් එහිදී එක් අයෙකු මිය ගොස් ඇති අතර බරපතල තත්වයෙන් පසු වූ අනෙක් පුද්ගලයා මහනුවර ජාතික රෝහලට මාරු කර යවා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd