
(මනෝප්රිය ගුණසේකර)
නඩු කටයුත්තකට අදාළව සේවාදායකයකුට නීතී විරෝධී උපදෙස් දුන් බව කියන සිද්ධියක් පිළිබඳ ආරම්භ කර ඇති විමර්ශනය සම්බන්ධයෙන් රහස් පොලිසියේ පෙනී සිට ප්රකාශයක් දීමට කොළඹ ප්රධාන මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අදාළ නීතීඥවරයාට අද (02) නියම කළේය.
සේවාදායකයකුට නීතී විරෝධී උපදෙස් දුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස මහෙස්ත්රාත්වරයා දුන් නියෝගය ඉවත දමන්නැයි ඉල්ලා ගල්කිස්ස අධිකරණයට අනුයුක්තව සේවය කරන නීතීඥවරයා ඉදිරිපත් කළ ප්රතිශෝධන ඇයැදුම්පත ඉවත දමමින් අදාළ නියෝගය නිකුත් කළ කොළඹ ප්රධාන මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ගල්කිස්ස මහෙස්ත්රාත්වරයා දුන් නියෝගය තහවුරු කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ අධ්යක්ෂවරයා සහ නීතීපතිවරයා වගඋත්තරකරුවන් කරමින් ගල්කිස්ස අධිකරණයට අනුයුක්තව සේවය කරන නීතීඥවරයකු විසින් අදාළ ප්රතිශෝධන ඇයැදුම්පත ගොනු කර ඇත.
ගල්කිස්ස මහෙස්ත්රාත් අධිකරණයේ විභාග කෙරුණු නඩුවක පාර්ශවකරුවකු වෙනුවෙන් ජංගම දුරකථනය ඔස්සේ අදාළ නීතීඥවරයා විසින් නීතී විරෝධී අරමුණක් ඉටු කර ගැනීම සඳහා නීතී විරෝධී ආකාරයේ උපදෙස් දුන් බව කියන සිද්ධියකට අදාළව විමර්ශන ආරම්භ කර ඇති රහස් පොලිසිය ඒ පිළිබඳ ප්රකාශයක් ගැනීම සඳහා රහස් පොලිසියේ පෙනී සිටීමට නියෝග කරන ලෙස රහස් පොලිසියෙන් කළ ඉල්ලීමකට අනුව අනිද්දා (04) රහස් පොලිසියේ විශේෂ විමර්ශන අංශයේ පෙනී සිටින ලෙස ගල්කිස්ස මහෙස්ත්රාත්වරයා විසින් අදාළ නීතීඥවරයාට නියම කර තිබිණී.
ගල්කිස්ස මහෙස්ත්රාත්වරයාගේ අදාළ නියෝගය ප්රතිශෝධනය කරන්නැයි ඉල්ලමින් නීතීඥවරයා විසින් මෙම ප්රතිශෝධන පෙත්සම ඉදිරිපත් කර ඇත.
ප්රතිශෝධන ඇයැදුම්පත කැඳවු අවස්ථාවේදී පෙත්සම්කාර නීතීඥවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුර මැද්දගොඩ මහතා දීර්ඝ වශයෙන් කරුණු දක්වමින් සිය රජකාරිය අතරතුරදී තම සේවාදායක නීතීඥවරයා කලැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්රශ්ණ කිරීම සඳහා ඔහු මෙලෙස රහස් පොලිසියට කැඳවා ඇතැයි කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd