(ඩයනා උදයංගනී සහ ආරියරත්න රණබාහු)
තමා රුපියල් මිලියන 2800ක් ආයෝජනය කරමින් දියුණු කළ සෙවණගල සීනි කර්මාන්ත ශාලාව 2011 වසරේදී රජයට පවරා ගත්තේ කැලෑ නීතියෙන් යැයි ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සුභසාධන ඇමති දයා ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය.
එහි තිබූ ණය බර හැර සියල්ල එදා රජයට පවරා ගැණුනු බව කී ඇමතිවරයා තමාට අවශ්‍ය එම කර්මාන්තශාලාව යළි ලබාගැනීම නොව ලැබිය යුතු නියමිත වන්දිය ලබාගැනීම බවද සඳහන් කළේය.
තමා එක්සත් ජාතික පක්ෂය හා දේශපාලනය කිරීම තම ව්‍යාපාරය අහිමිවීමට හේතු වූ බවද හෙතෙම කීවේය.
සෙවණගල කර්මාන්තශාලාව ලාභ ලබන බව කීවත් එය පසුගිය වසරේ මිලියන 46ක පාඩුවක් ලබා ඇතැයි ද ඇමතිවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි ව්‍යපාර රජයට පවරා ගැනීම නිසා තමයි අද අපට විදේශීය ආයෝජන ලංකාවට ආකර්ෂණය කල නොහැක්කේ. රට දියුණු කරන්නට නම් ව්‍යපාර රජයට පවරා ගැනීම වැනි යල් පැන ගිය අදහස් රජය විසින් බැහැර කල යුතුයි.
මෙයා මිලියන 2800ක් ආයෝජනය කරේ දේශපාලනෙන් හොයා ගත්තු සල්ලිද?
එජාප ආණ්ඩුවක් කාලෙක ලාභ ලබපු එකක්වත් නැනේ
ඔබට මිලියන 2800 ලැබුනේ කොහොමද? ආදායම් බදු දෙපාර්තමේන්තුව මේ බව දන්නවාද? ජනතාව සතු ඉඩම් ඔබට ලැබුනේ කෙසේද?
දේශපාලනය මොනවා උනත් සෙවනගල දියුණු කලේ දයා , ලංකාවේ වයස දේශපාලකයෝ ටික ගෙදර යවලා අවංක මැදිවියේ පුද්ගලයින් පාර්ලිමේන්තුවට තෝරාපත් කලයුතුයි.
එයා ඕක ඒ ගානට ගත්තෙත් එ.ජා.ප ආන්ඩුවක් යටතේම තමා. සෙවනගල සේවකයෝ කියන්නේ. මිලට ගත් අවස්තාවේ සමාගමේ නිශ්පාදිත සීනි සහ බැන්කු ගිණුම් වල මුදල් වල එකතුව බලන කොට දයා ඕකට පොඩි ගානක් ලු දීලා තියෙන්නේ. ඒත් රජයට පවරා ගැනීම නම් හරි කියන්නෑ..
කර්මාන්ත ශාලාව ආපසු දීම හැර කිසි සේත්ම මුදල් ආපසු නොගෙවිය යුතුය.