IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සේවකයන් තුලනයට අන්තර්ජාල උපාංගයක්

(යොහාන් භාසුර)

‘කොවිඩ්’ වසංගතය අවසන් වීමෙන් පසුව ආයතනය මුහුණදී සිටින ප්‍රධාන ගැටලුවක් වන සේවා ස්ථානවලට නැවත පැමිණෙන සේවකයන් තුලනය කිරීම සඳහා ‘පවර්ඩ් වර්ක් ස්පේස්’ නැමැති අන්තර්ජාල උපාංගයක් හදුන්වා දී තිබේ.

මෙම උපාංගයට https://poweredworkspaces.com/ හරහා පිවිස ආයතනවලට මෙන්ම කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට නවීණ වැඩබිම් වෙත පහසුවෙන් ප්‍රවේශවීමට හැකිය.

මෙම ප්‍රවේශයේ දක්නට ලැබෙන තෝරාගැනීම් තුළින් කොවිඩ් වසංගතය අතරතුර නිවසේ සිට වැඩකිරීම හෝ දෙමුහුන් වැඩ ආකෘති හේතුවෙන් දැනට භාවිතයට නොගන්නා වැඩබිම් ඇති සමාගම්වලට, කාර්යාල අවකාශය ප්‍රදර්ශනය කිරීමටත් ඉතා සුවිශේෂී මිලකට ඒවා ප්‍රවර්ධනය කිරීමටත් විකල්ප විසඳුමක් ද ඉදිරිපත් කර ඇති අතර වැඩබිමක් භාවිතා කිරීමට අවශ්‍ය පිරිසට සිය පරිඝණකය හෝ ජංගම දුරකතනය හරහා කාලීන අන්තර් ක්‍රියාකාරී කාර්යාල සිතියමක් භාවිතයෙන් වැඩබිම් සොයාගැනීමට සහ වෙන්කරවාගැනීමට මෙම නව ප්‍රවේශය හරහා ඉඩ ලැබේ.

මීට අමතරව එහි දවස පුරා භාවිතා කරන අවකාශයන් සහ වැඩකිරීමට ඇති අවකාශ මොනවාද යන්න පෙන්නුම් කෙරෙන අතර එක් එක් ස්ථානයේ දැනට ඉඩ භාවිතා වන ආකාරය පිළිබඳව සමස්ත දැක්මක් ලැබේ.

මෙම මුලපිරීමේ වැඩසටහනට ඩයලොග් සහ එච්.සී.එල්. යන ආයතන එහි ආයතනික අනුග්‍රහකයන් ලෙස තව දුරටත් කටයුතු කරයි.

 



අදහස් (0)

සේවකයන් තුලනයට අන්තර්ජාල උපාංගයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site