
(ප්‍රියන්ත ජයලත්)
මහරගම අපෙක්ෂා රෝහලේ විකීරණ ඒකකයේ ප්‍රධානියා ඇතුළු චිකිත්සක නිලධාරීන් සියලු දෙනා එම ඒකකය වසා දමා සමුළුවකට සහභාගී වීම හේතුවෙන් එහි පැමිණි රෝගීහු විශාල පිරිසක් දැඩි අපහසුතාවයට පත්ව අද ආපසු හැරී ගියහ.
නිලධාරීන් සමුළුවට ඇත්තේ අද දින එම ඒකකය වසා ඇති බවට දැන්වීමක් ද ප්‍රදර්ශනය කිරීමෙන්අනතුරුවය.
අපහසුතාවට පත් වූ පිරිස අතර ඈත ප්‍රදේශවල සිට වාහන කුලියට ගෙන නිදිවරා ප්‍රතිකාර ගැනීමට ආ රෝගීහුය.
අහිංසක රෝගීන්ගේ ජීවිත බිල්ලට තබා විකීරණ අංශයේ සියලු දෙනා සමුළුවට සහභාගීවීම ඉතාම පහත් ක්‍රියාවක් බවට රෝගීහු චෝදනා කළහ.
මේ සම්බන්දව මහරගම අපේක්‍ෂා රෝහලේ අධ්‍යක්‍ෂක විශේෂඤ වෛද්‍ය අරුණ ජයසේකර මහතාගෙන් අප කල විමසීමකදී මෙසේ පැවසීය.
විකිරණ චිකිත්සක නිලධාරීන්ගේ වාර්ෂික සමුළුවක් නිසා අද (28) දා විකිරණ ප්‍රතිකාර ඒකකය වහලා. වෘතියසමිතිවලින් පවත්වන සමුළුවලට සහභාගී වෙන්න එයාලය අයිතිය තියනවා . නමුත් ඒවට සහභාගී වෙන්න ඕන රාජකාරී කටයුතුවලට බාධා නොවන විදියට . මේ නිලධාරීන් ඒ ක්‍රමවේදය අනුගමනය කරල නැහැ . ඒ නිසා මේ පිළිබඳව මම අමාත්‍යංශයට දැනුම් දීලා සිදුසු පිවරක් ගන්නවා .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය සමුලුව රජයේ නිවාඩු දිනවල කරන්න බැරිද බුදුහාමුදුරුවෝ දේශනා කලේ රෝගීන්ට උපස්ථාන කිරීම උන් වහන්සේට උපස්ථාන කිරීමට සමානයි කියලා නේද? ඔය අංශයේ එකම බෞද්ධයෙක්වත් නැද්ද කියලා අහන්න වෙනවා හිටියා නම්... තමන්ගේ පුද්ගලික ලාභ ප්‍රයෝජන වෙනුවෙන් රෝගීන් බිල්ලට දේවි කියලා හිතන්න බැහැ. පිළිකාවක් හැදුණු රෝගියෙක් විඳින දුක ඔය සංගමේ සියලු දෙනාටම විඳින්නට ලැබේවා...!
ඇමැති සමාව ඉල්ලා ෂේප් කරාවි...!
අපිත් එහෙම තමයි. වාර්ෂික සම්මේලනයට යනකොට රාජකාරි නිවාඩු දාලා ඒකකය වහලා යනවා. ඒක අවුරුද්දකට වතාවක් සිද්ධවෙනවා.
වෙන තැන් වගේ නෙවෙයි. මෙතන මිනිසුන්ගේ ජීවිත අවදානමේ තියෙන තැනක්. වෘත්තිය සමිති අටමඟලවල් වලින් කරන තරමක් කරන්නෙ හානි නේ. මේවට ඉතින් කිසිම දඬුවමක් නෑ