(යොහාන් භාසුර)
දුම්රිය ධාවනය සඳහා ප්‍රමාණවත් සේවකයන් නොමැතිවීම හේතුවෙන් දුම්රිය ගමන් වාර 30 කට අධික සංඛ්‍යාවක් අවලංගු කළ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණි සෙනෙවිරත්න මහතා පැවසීය.
දුම්රිය නියාමකයන් සහ දුම්රිය සාහකයන් ඇතුළු සේවකයන්ගේ හිඟය මෙම තත්වයට ප්‍රධාන හේතුව බව කී ඒ මහතා සිටින සේවකයන් කළමනාකරණය කරමින් දුම්රිය ධාවනය පවත්වාගෙන යෑමට සිදුව ඇති බව ද සඳහන් කළේය.
හෙට දිනයේ ද මෙම තත්ත්වය පැවැතිය හැකි බවද ගාමිණි සෙනරත් මහතා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්‍රාමිකයෝ නියමුවෝ වුණාම ඔහොම තමයි. අද ඒන්න තියන දුම්රිය හෙට ඒන බව කරුණාවෙන් සලකන්න.
සේවකයන් හිටියත් නැතත් ඔය සේවය ඔහොම තමයි. ඩිපාර්ටමන්ට ඒක කිසිම මැනේජ්මන්ට් ඒකක් නෑ. මිනිස්සු හැමදා රස්තියාදුවේ.
අවිධිමත් පාලනයේ ප්‍රතිඵලයකි. මෙම දෙපාර්තමේන්තුව පෞද්ගලිකකරණය කිරීම උචිතය.
ඕක හැමදාම පරක්කුයිනේ. සේවකයන් සියලු දෙනාට සාධාරණ වන්දියක් දීලා අයින් කරලා ඉහලම සුදුසුකම් ඇති අය කොන්ත්‍රාත් පදනමින් බඳවා ගන්න. ඔය කියන තරම් සේවක පිරිසක් නැති ව දුවන්න දෙපාර්තමේන්තුව අධිකරියක් කරලා කොටස් 3 කට කඩන්න. මුහුදු බට උඩටරට සහ වෙනත් කියලා.
අවශ්‍ය කටයුතු කිරීමට අවශ්‍ය කාලය ලබා දුන්නා. මේක කඩාකප්පල්කාරී වැඩක්.