
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කොළඹ ජාතික රෝහලේ පිහිටි වාට්ටුවක සෞඛ්‍ය කාර්යය සහායිකා වකට අයත් කබඩයක තිබී අති විශේෂ ලේබලය සහිත රජයේ අරක්කු බෝතල් හතක් සොයාගත් බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
ලැබුණු තොරතුරක් මත මෙම අරක්කු බෝතල් තොගය සොයා ගනු ලැබුවේ රෝහලේ පරිපාලන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසිනි.
අරක්කු බෝතල් කබඩයක් තුළ සඟවාගෙන සිටි බව කියන එම සෞඛ්‍ය සහායිකා ව ද මේ සමග අල්ලාගත් බව ජාතික රෝහලේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය.
රෝහලේ ඇතැම් සේවකයන්ට විකිණීමට මෙම අරක්කු බෝතල් ඇයගේ කබඩ් එක තුළ සඟවා තබාගෙන සිටින්නට ඇතැයි සැක කරන බව එම රෝහල් ප්‍රකාශකයා වැඩිදුරටත් කීය
මේ බව සෞඛ්‍ය බලධාරීන්ට ද දැනුම් දී ඇති අතර මෙම සෞඛ්‍ය කාර්ය සහායිකාවට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
'ගෑනු මොලේ හැඳිමිටේ දිගයි ' කිවුවේ ඉස්සර කාලේ .මේ අම්මණ්ඩි ඔය බෝතල් වල පුරවා ,රෝහලේ බෙහෙත් පිටකර විකිණීම සඳහා යොදාගත් කපටි උපක්‍රමයක් .අසරණ රෝගීන්ට බෙහෙත් නැහැ කියමින් නහයෙන් අඬන දේශපාලුවන්ට මේක හොඳ උදාහරණයක්
වෛද්‍ය බෙල්ලන මහතා ඕවා ගැන මාධ්‍යට කියලා තමයි ඔය සුළු සේවකයින් මහ ලොකු වර්ජනයක් කෙරුවේ
වැඩ කරලා මහන්සි උනාම ගහලා දාන්න වෙන්න ඇති .අපිට මොකෝ ඉතින්
සේවා ස්ථානයේ බීමත්ව සිටීම බරපතළ වරදක් කියලා තියෙද්දි සේවා ස්ථානයේ මත්පැන් විකිණීම ප්‍රශ්නයක් නොවෙයි කියලා තර්ක කර එම සේවිකාව නිවැරදිකාරියක් කියලා ඔප්පු කරන්න බැරිකමක් නැහැ මේක මූලික විමර්ශනය මතම බැරිනම් විධිමත් පරීක්ෂණයක් කර සේවයෙන් පහකිරීමට තරම් වරදක් වෙනවා
කාලේ බෝතල්නේ ?කාලක් ගැහුවට මොනවා වෙනවද ?වැඩිම උනොත් කුණු හරුපයක් දෙකක් කියයි .පවු හලෝ පොල් ගාන්න පඩි මදි නිසා වෙන්න ඇති
රජයේ රෝහල් වල පවතින උග්‍ර වේදනානාශක ඖෂධ හිගයට පිලියමක් වශයෙන් ඇය මෙවා තබා ගත්තාද දන්නේ නැහැ. පරික්ෂණ පවත්වන නිළධාරීන් ගේ සැලකිල්ලට එයත් ලක් කල යුතුයි.
අවුලක් නෑනෙ ඉතිං...රජයේ අරක්කු බෝතල්නෙ තියාගෙන ඉදලා තීන්නෙ....
රජයේ අරක්කු? ඉස්කාගාර සංස්ථාව පෞද්ගලික අංශයට දීල අවුරුදු විස්සකට වැඩියි නේද?
ඔහොම බිස්නස් එකක්වත් නොකර අද කාලෙ ජීවත් වෙනව කියන එක ලේසි නෑ යකෝ. තේරුම් ගනියව්, ඔය රටක් අල්ලන්න නෙවේ. ජීවිතේ ගැට ගහගන්න
නියෝජ්‍ය අඅධ්‍යක්ෂ ගෙ කාමරය වටලපු අය දැන් මොනවද කියන්නෙ.
සුමිහිරි පානේ පදමට ගහලා හෙට මරුනත් හිතට සැපයි අද ජොලි කරලා.
ෆොටෝ එකේ හැටියට බෝතල්වල තියෙන්නෙ අරක්කු නෙමෙයි වගේ...
වෛද්‍ය බෙල්ලනට විරුද්ධව කෑ ගැහුවනේ... දැන් එක එක්කෙනාව අල්ලනවා බොරුවට අරක්කු දාලා... එක මනුස්සයෙක්ට කසිප්පු දැම්මා... තව අල්ලයි බොරු දාලා... මොන මෝඩයාද අරක්කු තමන්ගේ ලොකර් එකේ දාන්නේ...? ඇයි අරක්කු අහේනියක්ද?මේවා විශ්වාස කරන මිනිස්සුත් ඉන්නවානේ..!
අර බෙල්ලන මහතා කියපු දේවල් ඇත්ත නේද? දැන් ඔය යූනියන් ඉන්නේ රෙදි ඇඳගෙනද?