
(අජිත්ලාල් ශාන්තඋදය, ජයන්ත නානායක්කාර සහ රෝහණ සමරවීර)
අස්වැසුම දීමනාව රුපියල් තිස්හත් ලක්ෂ අසූඑක් දහසක් වංචනික ලෙස වෙනත් ගිණුම්වලට බැරකර මුල්‍ය අක්‍රමිකතාවක් කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් වැඩතහනමට ලක්ව සිටි කොලොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කළමනාකාර සේවා නිලධාරිනිය 16දා තෙක් රිමාන්ඩ්භාරයේ තබන ලෙස ඇඹිලිපිටිය වැඩබලන මහේස්ත්‍රාත් කේ.කේ. ඉනෝකා නයෝමි මහත්මිය නියම කළාය
කොළොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම සුබසාධන අංශයේ සේවය කර වැඩ තහනමට ලක්වු චමිලා කුමුදු කුමාරි යන කළමනාකාර සේවා නිලධාරිනිය මෙසේ රිමාන්ඩ්බාරයට පත්වුවාය.
ඇඹිලිපිටිය පොලීසියේ ස්ථාපිත විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් පසුගිය 13දා ඇය අත්අඩංගුවට ගැනු ලැබීය. ඒ මඩුවන්වල පිහිටි නිවසකදීය. කොළොන්න ප්‍රාදේශීය ලේකම් ප්‍රියංකා වීරසිංහ මහත්මිය ඇඹිලිපිටිය පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකයට කළ පැමිණිල්ලක් අනුව පොලිස් විමර්ශන පවත්වා එසේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණි.
වයස්ගත සහ වෙනත් අස්වැසුම මුදල් හිමිකරුවන්ගේ ගිණුම්වලට මුදල් බැර නොකර වෙනත් පුද්ගලයන්ගේ ගිණුම්වලට රුපියල් තිස්හත් ලක්ෂ අසුඑක් දහසක්වංචා සහගතව බැරකර ඇති බව මෙතෙක් කළ විමර්ශනවලදී අනාවරණය වු බව පොලිසිය අධිකරණයට දැන්වීය
මෙම වංචාව සම්බන්ධයෙන් අස්වැසුම සුබසාධන මණ්ඩලයෙන් සහ රත්නපුර දිස්ත්‍රික් ලේකම්කාර්යාල වලින්ද විගණන පරීක්ෂණ අරඹා ඇති බවද පොලීසිය පැවසුවේය. නමුත් ඒ වාර්තා මෙතෙක් ලැබි නැති බවද පොලිසිය අධිකරණය වෙත දැනුම්දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිත් අය මුහුණු වහගෙන. හිරගෙදරට යනකොට. මෙයා විතරයි සතුටු සිතින් වාහනයට යන්නේ. මේ කරලා තියෙන්නේ අනුන්ගේ ගිණුම් වලට මුදල් තැන්පත් කරලා ඒ මිනිස්සු දන්නෙත් නැහැලු. මෙහෙම මුදල් තැන්පත් කරලා. නැවත ලබාගන්නේ කොහොමද? මෙහෙම කරන්න හේතුව. අනිත් සේරම හොරු... තමන්ගේ ගිණුමට පව්ලේ අයට ඒ වගේ තැන්පත් කෙරුවේ... මෙයා ඇවිත් කොහේද යන්නේ... මල්ලේ පොල් වගේ... බැලුවම අහින්සකයි...
හැමතැනම හොරු...!
මේක නම් මහා පුදුම රටක්. දුප්පත් මිනිස්සුන්ට දෙන සල්ලිත් හොරා කනවා.
එහෙම කරන්න පහසුවට තමයි ව්‍යාපෘතියේ නම ඇස්වැසීම කියලා ඇතිහැකි අයට ජනතා මුදල් බෙදීම කලේ...
NPP ආණ්ඩුවක් නිසා මේවා එළියට එනවා.
ප්‍රතිලාභීන් තේරීමත් ඇස්වසා කළ බව තේරුම්ගන්න. එහෙම කොලේ වැසීම (ඇස්) නොකළා නම් කොහොමද ඔය මුදල් ගන්නේ. මේක වහාම අත් හිටුවීම කළයුතු ව්‍යාපෘතියක් කියන්න පුළුවන්...