IMG-LOGO

2024 මැයි මස 12 වන ඉරිදා


‘සිව් දෙසටම ඩයලොග්’ අනුරාධපුරයේ ගෝනපතිරාවට නව කුලුනක්

ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම විසින් රට පුරා පිහිටි අති දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවල සම්බන්ධතාව පුළුල් කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක ‘සිව් දෙසටම ඩයලොග්’ වැඩසටහනේ තවත් පියවරක් ලෙස පසුගියදා අනුරාධපුරයේ ගෝනපතිරාව ප්‍රදේශයේ නව සන්නිවේදන කුලුනක් ඉදිකිරීමට කටයුතු කරන ලදී.

‘සිව් දෙසටම ඩයලොග්’ වැඩසටහන යටතේ නව සන්නිවේදන කුලුනු ඉදිවීමත් සමඟම රටපුරාම වැඩිදියුණු වූ සබැඳියාවක් සමඟින් එහි ප්‍රතිඵලයක් ලෙස වඩා හොඳ සන්නිවේදන පහසුකම්, අධ්‍යාපනයට ප්‍රවේශවීම සඳහා අවශ්‍ය තාක්ෂණික සම්පත් සහ ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන තත්ත්වය වඩා උසස් මට්ටමකට ගෙන ඒමට ද මහඟු පිටිවහලක් වූ බවට සමාගම කියයි. ගෝනපතිරාව ප්‍රදේශයේ ඉදිකළ සන්නිවේදන කුලුනට අමතරව අනුරාධපුර දිස්ත්‍රික්කයේ සංගත්තෑව සහ ලබුනොරුව ප්‍රදේශවල, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හබරණ - ගල්ඔය, හබරණ - මින්නේරිය සහ මගුල්පොකුණ ප්‍රදේශවල ද කුලුනු හා සන්නිවේදන කුලුනු ද ඉදිකර ඇත.

මෙවැනි අභියෝගාත්මක කාලසීමාවන්වල දී සන්නිවේදන ආවරණය පුළුල් කරමින් පාරිභෝගිකයන්ට සහාය වීමට අඛණ්ඩව ගන්නා උත්සාහය යටතේ ඩයලොග් සමාගම 2022 අවසන් වන විට ඩයලොග් ජාලය රටපුරා ග්‍රාම නිලධාරී වසම් 180කට අධික සංඛ්‍යාවක් ආවරණය කරමින්, 4G මොබයිල් කුලුනු 4,700 කට අධික සංඛ්‍යාවක් ඉදිකර ඇත. එය ශ්‍රී ලංකාවේ ඉදිකර තිබෙන වැඩිම සන්නිවේදන කුලුනු සංඛ්‍යාව ද වේ. 

එමෙන්ම සියයට 95 කට වැඩි ජනගහනයකට 4G ආවරණ පහසුකම් සලසාදීමට ද ඩයලොග් සමාගමට හැකිවී තිබේ. තවද අති දුෂ්කර ගම් ප්‍රදේශවලට සන්නිවේදන පහසුකම් සැලසීමේ ක්‍රියාවලිය පුළුල් කිරීම සඳහා ඩයලොග් සමාගම Green Field කුලුනු උපයෝගී කරගත් අතර, ජනාකීර්ණ ප්‍රදේශවල අවශ්‍යතාව වෙනුවෙන් Lamp Pole විසඳුම හරහා සේවාවන් ලබා දී ඇත.

ඩයලොග් ජාලයේ ආවරණය ඉහළ නැංවීම, ජාල අධීක්ෂණය කිරීමෙහි නිරත අන්තර්ජාතික සමාගම්වල ප්‍රශංසාවට ලක්ව තිබෙන අතර Open Signal සමාගම විසින් ‘හොඳම 4G ආවරණය’ / වේගවත්ම Upload සහ Download අත්දැකීම් වෙනුවෙන් ඩයලොග් ආයතනය සම්මානයට පාත්‍ර කර තිබේ.

595



අදහස් (0)

‘සිව් දෙසටම ඩයලොග්’ අනුරාධපුරයේ ගෝනපතිරාවට නව කුලුනක්

ඔබේ අදහස් එවන්න

දියත

සපුගස්කන්දේ ගෑස් නළයකට අකුණ සැර වදී
2024 මැයි මස 12 207 0

සපුගස්කන්ද පිහිටි තෙල් පිරිපහදු⁣වේ පහනට ( කුළුණට) ගෑස් සපයන නලයකට අද සවස අකුණු සැර වැදීම නිසා ගින්නක් හටගත් බව සපුගස්කන්ද තෙල් පිරිපහදු ආරංචි මාර්ග කි


පාදුක්කේදී මහා කොල්ලයක්
2024 මැයි මස 12 604 0

පාදුක්ක මාවතගම ප්‍රදේශයේ අබලි යකඩ ද්‍රව්‍ය එකතු කිරීමේ වෙළදසැලකට කඩු සහ මන්න අතැතිව පුද්ගලයන් තිදෙනකු එහි සිටි හිමිකරුගේ බිරිඳට සහ සේවකයකුට කැපුම්


වැස්සෙන් තැන තැන කඳු කඩා වැටේ
2024 මැයි මස 12 803 0

අද දවසපුර පැවති ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ රැසක පහත් බිම් ජලයෙන් යටවූ අතර කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ හපුතලේ බෙරගල අතර උඩ විහාරගල ප්‍රදේශයේදී ගල


අයිතිකරුවකු නැති යතුරු පැදියක් ඉත්තපානෙන් හමුවේ
2024 මැයි මස 12 564 0

ඉත්තපාන මීගම ගඟේ පාලම අසල අයිතිකරුවකු නැති යතුරු පැදියක් දමා ගොස් තිබියදී ඉත්තපාන පොලිසිය සොයාගෙන ඇත.


කැරට් කෑල්ලේන් ආ මරුවා සිඟිත්තා ඩැහැගනී
2024 මැයි මස 12 646 1

කැරට් අල කැබැල්ලක් උගුරේ සිරවීමෙන් මාස 19ක බිළිදකු මියගොස් ඇතැයි අනුරාධපුර ශික්ෂණ රෝහලේදී සිදු කළ හදිසි මරණ පරීක්ෂණයේදී අනාවරණ වූ බව සාලියවැව පොලීසි


පුරාවස්තු සමග අයෙක් සැකපිට
2024 මැයි මස 12 595 1

කල්පිටිය, ආලන්කුඩා ප්‍රදේශයේ නිවසක නීති විරෝධී ලෙස සන්තකයේ තබාගෙන සිටි රත්‍රං බවට සැකකෙරෙන පුරාවස්තු තොගයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගත් බව නාවික හ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 633 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2133 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1855 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site