(නිමල කොඩිතුවක්කු )

සෞඛ්‍යය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට සහය පළකරමින් දිවයින පුරා අත්සන් කරන ලද මහජන පෙත්සම් වල ගොනුව මහජනතාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත බාරදීම ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු පිවිසුම අසල අද (8) සිදු කෙරිණ.

ජනතාව විසින් අත්සන් කරන ලද මහජන පෙත්සම සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් එහිදී බාර ගනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දොස්තර කාවින්ද ජයවර්ධන, නලීන් බණ්ඩාර, චන්දිම වීරක්කොඩි, වීරසුමන  වීරසේකර යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

(ඡායාරූප: ගයාන් අමරසේකර)