
(අංජුල මහික වීරරත්න)
දකුණු පළාතේ ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර ඒකක සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ නිරීක්ෂණයට ලක් විය.
රජයේ වැඩපිළිවෙළ යටතේ දිවයිනේ තිබෙන ග්‍රාමීය රෝහල්, ප්‍රාදේශීය රෝහල්, දිසා රෝහල් ප්‍රතිසංස්කරණය කර ඒවායේ රෝග පරීක්ෂණ,රසායානාගාර සහ රෝගී සත්කාරක පහසුකම් වැඩිදියුණු කෙරෙන අතර, තොරතුරු සන්නිවේදන තාක්ෂණය යොදා ගනිමින් අදාල සෞඛ්‍ය මධ්‍යස්ථාන ඉලක්ක කරගනු ලබන ප්‍රජාවගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ දත්ත ගබඩා කිරීම, ඒවා නිරතුරුව යාවත්කාලීන කිරීම,විශේෂඥ උපදෙස් ලබා ගැනීමට ජාලගත වීම සදහා දත්ත හුවමාරුව සහ සෞඛ්‍ය ප්‍රවර්ධන කටයුතු ආදිය සඳහා පහසුකම් සැලසීම ද සිදු කරනු ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
තිස්සමහාරාම බෙරලිහෙල ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර ඒකකය, මත්තල මධ්‍යම බෙහෙත් ශාලාව, කතරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඇතුළු මධ්‍යස්ථාන කිහිපයක් මෙහි දී අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වු අතර ඉදිරි සැලසුම් සකස් කිරීමේ දී එම මධ්‍යස්ථාන සවිබලගැන්වීම පිළිබඳව මූලික අවධානය යොමු කරන බව අමාත්‍යවරයා කීය.
2025 නොවැම්බර් මස 04
561
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2265
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1700
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සුව ඇමති දකුණේ පුංචි ප්‍රතිකාර ඒකක බලන්න යයි