
(අංජුල මහික වීරරත්න)
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ - University Hospital – Kotelawala Defence University (UH-KDU) නිරීක්ෂණයක නිරත විය.
නවීන ශික්ෂණ රෝහලක් වන කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහල අනාගත වෛද්‍ය වෘත්තිකයන් ද පුහුණු කරමින් සුවිශේෂී රෝගී සත්කාර සේවාවන් සපයනු ලබන රෝහලකි.
එම රෝහල මගින් ලබා දෙන සෞඛ්‍ය සේවාවන් හි වත්මන් තත්ත්වයත්, මානව හා භෞතික සම්පත් ඉහළ නැංවීම මෙන්ම ඒ සම්බන්ධව පවතින ගැටළු සොයා බැලීමත් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ මෙම සංචාරයේ අරමුණ විය.
රෝහලේ නවීන තාක්ෂණික උපකරණ වලින් යුත් දන්ත වෛද්‍ය අංශය, පිළිකා රෝග අංශය, රසායන ව්‍යාධිවේදී අංශය, ශල්‍යාගාර, දැඩි සත්කාර ඒකක, රුධිර කාන්දුපෙරණ මධ්‍යස්ථානය, හෘද උරස් හා දැඩි සත්කාර ඒකකය, රසායනාගාර, කිමෝ තෙරපි ඒකකය සහ නේවාසික රෝගී වාට්ටු මෙන්ම රෝහල සතු වෙනත් පහසුකම් ද නිරීක්ෂණයට ලක් කළ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා රෝහල් පාලනාධිකාරිය සමග රෝහලේ වත්මන් ක්‍රියාකාරීත්වයත්, පවතින ගැටළු සහ ඉදිරි මෙහෙයුම් කටයුතු පිළිබඳව සාකච්ඡාවක නිරත විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටයි පටි පැලඳ සම්පූර්න ඇඳුම් කට්ටලය ඇඳ සසම්භාවනීය ආරූඩභාවයකින් එදිනෙදා කටයුතු වල යෙදීම මිසක් කිසිම ප්‍රතිඵලයක් නම් තාම ගතවූ වසරටම අපි දැක්කේ නෑ. විපක්ෂයේ ඔලුගෙඩි අත් අඩංගුවට ගැනීමෙන් විතරක් නම් අපේ අපේ පොකට්ටුවේ ආර්ථිකය වැඩිවෙන්නේ නෑ...
ගුණ දොස් බලන්න දෙයක් නැ. ඕක සුදු අලියෙක්. ඉක්මනට සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරන්න. නැතිනම් විකුණන්න.
ඔය විදිහට ජපුර රෝහලත් පරීක්ෂා කර බලන්න බැරිද?. පෙනෙන විදිහට ගරාවැටුන තත්ත්වයක්. කරුණාකර ඒක ගොඩ ගන්න. රටට සම්පතක්... රාජ්‍ය රෝහල් පද්ධතියේ තදබදය අඩුකරන්න ගතහැකි හොඳම විසඳුමක්.සාමාන්‍ය ජනතාවට සාධාරණ මුදලක් ගෙවා ප්‍රතිකාර ගත හැකි රෝහලක්.
සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ආර්ථිකය දියුණු වෙන්නේ කොහොමද කියලා දෙනවද?
මෙම රෝහල සුදු අලියෙක් නොව, මධ්‍යම පන්තික රෝගීන්ද ඇතුලු විශාල පිරිසකට සම්පතකි. මෙහි ගෙවන කාමර සහ ගෙවා වෛද්‍යවරුන් හමුවීමට අංශයක් ද තිබේ. පුද්ගලික රෝහල්වල ලක්ෂ 4-5ක් අතර වියදම් වන එක්තරා ශල්‍යකර්මයක් මෙම රෝහලේදී ඉන් අඩකට පමණ කර ගැනීමට හැකි විය. රෝගියාගේ සියලු ආහාර වේල් නොමිලේ සැපයුණි. ඒ, මෙරට බරපතල ආහාර අර්බුදයක් පැවති සමයේ වීම වඩාත්ම පැසසුම්දායක කරුණය. මෙම රෝහලේ ගෙවන කාමරවලවල පහසුකම් ප්‍රසිද්ධ පුද්ගලික රෝහල්වල පහසුකම්වලට වඩා දස ගුණයක් ඉදිරියෙනි. අඩුපාඩු තිබේ නම් ඒවා නිවැරදි කරගෙන, මෙම රෝහල ඉදිරියටත් මැනවින් පවත්වාගෙන යාමට අවශ්‍ය සහයෝගය ලබා දීම සියල්ලන්ගේම යුතුකමකි.