IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සුව ඇමැති කොතලාවල රෝහලේ ගුණ-දොස් බලන්න යයි

(අංජුල මහික වීරරත්න)

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ - University Hospital – Kotelawala Defence University (UH-KDU) නිරීක්ෂණයක නිරත විය.

නවීන ශික්ෂණ රෝහලක් වන කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහල අනාගත වෛද්‍ය වෘත්තිකයන් ද පුහුණු කරමින් සුවිශේෂී රෝගී සත්කාර සේවාවන් සපයනු ලබන රෝහලකි.

එම රෝහල මගින් ලබා දෙන සෞඛ්‍ය සේවාවන් හි වත්මන් තත්ත්වයත්, මානව හා භෞතික සම්පත් ඉහළ නැංවීම මෙන්ම ඒ සම්බන්ධව පවතින ගැටළු සොයා බැලීමත් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ මෙම සංචාරයේ අරමුණ විය.

රෝහලේ නවීන තාක්ෂණික උපකරණ වලින් යුත් දන්ත වෛද්‍ය අංශය, පිළිකා රෝග අංශය, රසායන ව්‍යාධිවේදී අංශය, ශල්‍යාගාර, දැඩි සත්කාර ඒකක, රුධිර කාන්දුපෙරණ මධ්‍යස්ථානය, හෘද උරස් හා දැඩි සත්කාර ඒකකය, රසායනාගාර, කිමෝ තෙරපි ඒකකය සහ නේවාසික රෝගී වාට්ටු මෙන්ම රෝහල සතු වෙනත් පහසුකම් ද  නිරීක්ෂණයට ලක් කළ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා රෝහල් පාලනාධිකාරිය සමග රෝහලේ වත්මන් ක්‍රියාකාරීත්වයත්, පවතින ගැටළු සහ ඉදිරි මෙහෙයුම් කටයුතු පිළිබඳව සාකච්ඡාවක නිරත විය.



අදහස් (5)

සුව ඇමැති කොතලාවල රෝහලේ ගුණ-දොස් බලන්න යයි

අරුණි Wednesday, 03 September 2025 01:41 PM

ටයි පටි පැලඳ සම්පූර්න ඇඳුම් කට්ටලය ඇඳ සසම්භාවනීය ආරූඩභාවයකින් එදිනෙදා කටයුතු වල යෙදීම මිසක් කිසිම ප්‍රතිඵලයක් නම් තාම ගතවූ වසරටම අපි දැක්කේ නෑ. විපක්ෂයේ ඔලුගෙඩි අත් අඩංගුවට ගැනීමෙන් විතරක් නම් අපේ අපේ පොකට්ටුවේ ආර්ථිකය වැඩිවෙන්නේ නෑ...

:       18       19

Saman Dissanayake Wednesday, 03 September 2025 03:06 PM

ගුණ දොස් බලන්න දෙයක් නැ. ඕක සුදු අලියෙක්. ඉක්මනට සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරන්න. නැතිනම් විකුණන්න.

:       23       5

Lalla Wednesday, 03 September 2025 10:14 PM

ඔය විදිහට ජපුර රෝහලත් පරීක්ෂා කර බලන්න බැරිද?. පෙනෙන විදිහට ගරාවැටුන තත්ත්වයක්. කරුණාකර ඒක ගොඩ ගන්න. රටට සම්පතක්... රාජ්‍ය රෝහල් පද්ධතියේ තදබදය අඩුකරන්න ගතහැකි හොඳම විසඳුමක්.සාමාන්‍ය ජනතාවට සාධාරණ මුදලක් ගෙවා ප්‍රතිකාර ගත හැකි රෝහලක්.

:       0       1

maalaka Thursday, 04 September 2025 09:20 AM

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ආර්ථිකය දියුණු වෙන්නේ කොහොමද කියලා දෙනවද?

:       0       1

පාඨකයෙක් Thursday, 04 September 2025 09:43 AM

මෙම රෝහල සුදු අලියෙක් නොව, මධ්‍යම පන්තික රෝගීන්ද ඇතුලු විශාල පිරිසකට සම්පතකි. මෙහි ගෙවන කාමර සහ ගෙවා වෛද්‍යවරුන් හමුවීමට අංශයක් ද තිබේ. පුද්ගලික රෝහල්වල ලක්ෂ 4-5ක් අතර වියදම් වන එක්තරා ශල්‍යකර්මයක් මෙම රෝහලේදී ඉන් අඩකට පමණ කර ගැනීමට හැකි විය. රෝගියාගේ සියලු ආහාර වේල් නොමිලේ සැපයුණි. ඒ, මෙරට බරපතල ආහාර අර්බුදයක් පැවති සමයේ වීම වඩාත්ම පැසසුම්දායක කරුණය. මෙම රෝහලේ ගෙවන කාමරවලවල පහසුකම් ප්‍රසිද්ධ පුද්ගලික රෝහල්වල පහසුකම්වලට වඩා දස ගුණයක් ඉදිරියෙනි. අඩුපාඩු තිබේ නම් ඒවා නිවැරදි කරගෙන, මෙම රෝහල ඉදිරියටත් මැනවින් පවත්වාගෙන යාමට අවශ්‍ය සහයෝගය ලබා දීම සියල්ලන්ගේම යුතුකමකි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 802 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 589 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 466 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site