
(සුජිත් හේවාජුලිගේ )
තම ස්වාමියා වසර තිස් අටක් පුරා ජනතාව වෙනුවෙන් කළ සේවය වෙනුවෙන් කෘතගුණ දැක්වීමට ජනතාවට අද අවස්ථාව උදාවී ඇතැයි රාජ්ය බුද්ධි අංශයේ හිටපු ප්රධානී විශ්රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතාගේ බිරිඳ මනෝරි සලේ මහත්මිය ප්රකාශ කළාය.
ඇය මෙසේ පැවසුවේ මාරාන්තික උපවාසයක් අරඹා සිටින සුරේෂ් සලේ මහතා බැලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදීය
මාරාන්තික උපවාසය අත්හරින ලෙස සිය සැමියාට පැවසුවද ඔහු එය පිළිගැනීමට සුදානම් නොමැති බවත් තමාට සිදුවන අසාධාරණය වෙනුවෙන් ඔහු දිගින් දිගටම පෙනී සිටින බවත් සලේ මහත්මිය පැවසුවාය.
සලේ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද සලකන්නේ අන්ත අමානුෂික අාකාරයට බවද ඇය ප්රකාශ කළාය.
රැඳවුම් නියෝග මත රඳවා සිටින සිටින සුරේෂ් සලේ මහතා බැලීමට ඔහුගේ බිරිඳ, පුතා සහ සහෝදරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ පැමිණියහ.
සලේ මහතාගේ බිරිඳ තවදුරටත් මෙසේද කීවාය.
''මට කියන්න තියෙන්නේ මගේ ස්වාමියා අහිංසකයි කියලයි. ඒක රටේ බොහෝ දෙනා දන්නවා. ඉතින් එහෙම කෙනෙකුට මෙහෙම කරන එක ඉතාමත්ම අසාධාරණයි. ජේඑම් ඕ රිපෝට් එකෙන් පවා කියලා තියෙනවා හරිම අමානුෂික සැලකීම කියලා. “
“එයා දැන් මාරාන්තික උපවාසයක් පටන් අරන් තියෙන්නේ. කොහොමත්ම එ්ක නවත්තන්න කැමති නෑ. හිත වෙනස් කරන්න පුළුවන් ද කියලා අපි ගොඩාක් කතා කරලා බැලුවා. කරන්න බෑ. අපි ඔක්කොම දන්නවා එයා අහිංසකයි කියන එක. පරීක්ෂණ කරන්න පුළුවන්. නමුත් මානුෂීය විදිහට සලකන්න ඕන. එයාට ඉතාම අමානුෂික විදිහට තමයි සලකන්නේ.
“ඉතින් මට හරි ම දුකයි. අවුරුදු තිස් අටක කාලයක් රට වෙනුවෙන් කැප කරපු කෙනෙක් . අඩුම ගාණේ කවදාවත් ළමයෙක් ඉස්කෝලෙකටවත් ගෙනියන්න එයාට වෙලා තිබුණේ නෑ. මොකද හැමවෙලේම රට වෙනුවෙන් කැප වෙලා හිටියේ. ඉතින් ඒ වගේ මනුස්සයෙක්ට, මෙච්චර රට වෙනුවෙන් කැප වෙච්ච මනුස්සයෙක්ට මෙහෙම කරන එක ඉතාම අසාධාරණයි. අපි දන්නවා කවුද මේකට වගකියන්න ඕන කියලා. මේ කැත විදියට සලකන එකට. මට හරිම දුකයි මගේ හස්බන්ඩ් ගැන. කොහොම නමුත් එයා උපවාසය අතහරින්නේ නැහැ. එයා රට වෙනුවෙන් කොහොමත් දිවි දෙන්න ලෑස්ති වෙච්ච කෙනෙක්. මේ වගේ අසාධාරණයන්ට එරෙහිව කොහොමත් නැඟී සිටිනවා.
හැමවෙලේම එයා කොන්ද කෙලින් තියන් හිටපු මනුස්සයෙක්. එ් පැත්තෙන් මං හරි ආඩම්බර වෙනවා මගේ ස්වාමියා ගැන.. නමුත් මං ඉල්ලා සිටින්නේ එයාට හානියක් වෙන්න ඉස්සෙල්ලා කොහොම හරි රෝහලකට ගෙනියන්න කියලයි. මොකද එයා ඉන්න මානසික තත්ත්වය අනුව එයාට කියන්න බෑනේ, මාව රෝහලකට ගෙනියන්න කියලා. වගකිවයුත්තන් දැනගත යුතුයි හරි දේ කරන්න. එයාගේ ජීවිතය බේරාලා දෙන්න කියලා මම ජනතාවගෙන් ඉල්ලනවා.
කරුණාකරලා කොහොමහරි උපරිම දෙයක් කරන්න. සුරේෂ් රට වෙනුවෙන් කළා වගේ. දැන් ඕගොල්ලන්ගේ අවස්ථාව. සුරේෂ් වෙනුවෙන් නැගී සිටින්න. මොකද එයාට පුළුවන් වුණානම් රට වෙනුවෙන් අවුරුදු තිස් ගාණක් එයාගේ මුළු ජීවිතයම කැප කරන්න. මේක ඕගොල්ලන්ගේ අවස්ථාව. කවුරැත් දන්නවා කවුද ඇත්ත කියන්නේ කියලා. සුරේෂ් වෙනුවෙන් ඕගොල්ලෝ නැගී සිටින්න. මං ඉල්ලන්නේ එච්චරයි.''

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුරේෂ් සලේට ඇති චෝදනා මොනවද? ඒ අනුව ඔහුට එරෙහිව නඩු පවරන්නේ නැත්තේ මන්ද? දන්නා කෙනෙක් කරුණාකර පැහැදිලි කරදෙන්න...
ජනතාව වෙනුවෙන් නොවේ, ජාතිවාදී දේශපාලඥයින් වෙනුවෙන් වැඩ කරලා තියෙන්නේ. ඔහුට නිසා දඩුවම ලැබිය යුතුයි. මේ රටේ ජාතිවාදය වපුරවන්න කටයුතු කල ඔහු දේශද්රොහියෙක්...
එක්නැලිගොඩ වෙනුවෙන් ඔය අය පෙරට ආවද? ඝාතනය කෙරුවට පස්සේ කොටියෙක් කෙරුවේ ඔය අද හිරවෙලා ඉන්න අය තමයි...
ජනතාවට වෙන වැඩක් නැහැනේ, තමුන් නිවැරදි නම් ඇයි බයවෙන්නේ...