
(මනෝප‍්‍රිය ගුණසේකර)
කතෝලික පල්ලි සහ තරු හෝටල් ඉලක්ක කර ගනිමින් පාස්කු ඉරුදින එල්ල කෙරුණු මරාගෙන මැරෙන ත‍්‍රස්ත ප‍්‍රහාර මාලාවට අදාළව රඳවාගෙන ප‍්‍රශ්ණ කරන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප‍්‍රධානී විශ‍්‍රාමික යුද හමුදා මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාව සැළකිල්ලට ගැනීමේදී එය පූර්ණ වෛද්‍ය වාර්තාවක් නොවන බව තීරණය කළ කොටුව මහෙස්ත‍්‍රාත් පසන් අමරසේන මහතා රැඳවුම් බාරයේ සිටියදී සුරේෂ් සලේ මහතා කෲර වධ හිංසාවන්ට ලක්ව ඇද්දැයි සෙවීම සඳහා පංච පුද්ගල විශේඥ වෛද්‍ය මඩුල්ලක් අද පත් කළේය.
විශේෂඥ මානසික වෛද්‍යවරු තිදෙනෙකු සහ අධිකරණ විශේෂඥ වෛද්‍ය නිලධාරීන් දෙදෙනකුගෙන් සමන්විත පංච පුද්ගල විශේඥ වෛද්‍ය මණ්ඩලයක් පත් කළ මහෙස්ත‍්‍රාත්වරයා සුරේෂ් සලේ මහතා පරීක්‍ෂාවට ලක්කර ඔහු සම්බන්ධ විශේඥ වෛද්‍ය වාර්තාව ජුලි මස පළමුවැනිදාට පෙර අධිකරණයට ඉදිරිපත් කිරීමටද වෛද්‍ය මඩුල්ලට නියම කළේය.
සුරේෂ් සලේ මහතා පරීක්‍ෂාවට ලක්කර විශේඥ වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කිරීම සඳහා පත් කරන ලද්දේ කරාපිටිය රෝහලේ විශේෂඥ වෛද්‍ය තුසිත මෙන්ඩිස්, චිත්තාහරි අබේනායක, දසන්ති අක්මීමන, දුලයිකා අමරසිංහ වාස්, වජිර ධර්මවර්ධන යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විශේෂඥ වෛද්‍ය මඩුල්ලක් පත්කළ මහෙස්ත‍්‍රාත්වරයා අදාළ වෛද්‍ය පරීක්‍ෂණය දකුණු කොළඹ ශික්ෂණ රෝහලේදී කිරීමට නියෝග කළේය.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප‍්‍රධානී විශ‍්‍රාමික යුද හමුදා මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා සියදිවි හානිකර ගැනීමේ අවධානමක් ඇති බව පවසමින් ඔහු ආරක්‍ෂිත ස්ථානයකට යොමු කරන්නැයිද ඔහුගේ රෝගී තත්වය පිළිබඳ පරීක්‍ෂා කිරීම සඳහා විහේඥ වෛද්‍ය මණ්ඩලයක් පත් කරන්නැයිද කළ ඉල්ලීම පිළිබඳ නියෝගය ප‍්‍රකාශයට පත් කිරීම සඳහා නඩුව කැඳවනු ලැබීය.
සිද්ධිය පිළිබඳ විමර්ශන කරන රහස් පොලිසියේ පොලිස් පරීක්‍ෂක මෙන්ඩිස් මහතා ඇතුලු නිලධාරීන් සමග පැමිණීල්ල වෙනුවෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්‍ෂක නියෝජ්‍ය පොලිස්පති ශානී අබේසේකර මහතා පෙනී සිටි අතර නීතීපතිවරයා නියෝජනය කරමින් ජ්‍යෙෂෟඨ රජයේ නීතීඥ ඔස්වල්ඞ් පෙරේරා මහතාද පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd