
( ප්‍රසාද් රුක්මල් )
කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ උඩරටමැණිකේ දුම්රියේ ගමන් ගත් ඇමරිකානු ජාතික තරුණියක් සෙල්ෆි ජායාරූප ගැනීමට යාමේදී ඔහිය පට්ටිපොළ දුම්රිය ස්ථාන අතර දුම්රිය බිංගෙයි ගැටී දුම්රියේන් ඇද වැටී බරපතළ තුවාල ලබා අද (6) පස්වරුවේ දියතලාව රෝහලට ඇතුළත් කළ බව හපුතලේ පොලිසිය පවසයි .
මෙසේ තුවාල ලබා ඇත්තේ ඇමරිකාවේ සිට ශ්‍රී ලංකා වේ සංචාරයක් සදහා පැමිණ නානුඔය සිට ඇල්ල බලා උඩරට මැණිකේ දුම්රියේ ගමන් ගත් ඇමරිකානු ජාතික විදේශීය සංචාරක තරුණිය ක යැයි පොලිසිය කීය .
මැය දුම්රියේ ගමන් කරමින් සිටියදී උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය පට්ටිපොළ දුම්රිය ස්ථාන.අතර අංක 19 දුම්රිය බිංගෙය අසලදී දුම්රියේ පාපුවරුවේ එල්ලී ගමන් කරමින් සෙල්ෆි ජායාරූප ගැනිමට යාමේදී දුම්රිය බිංගෙයි ගැටි දුම්රියේ න් ඇද වැටී ඇතැයි පොලිසිය සදහන් කළේය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් අනතුරු ඉතා සුලබයි. මේවා වැළැක්වීමට සුදුසු පියවර ගත යුතුයි.
දුම්රියක පාපුවරුවේ ගමන් කිරීම වරදකි. ඒ සඳහා දඩයක් නියම කළ යුතුයි.
මැරිලා නැත්නම් මොලේ පෑදිලා ඇති...