IMG-LOGO

’’සල්ලාලයන්’’ ගැන මැතිසබයේ රැව්දෙයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තු ගෘහපාලන අංශයේ ඇතැම් කාන්තාවන්ට සිදුවී ඇති ලිංගික  හිංසන යට ගැසීමට සමහර ප්‍රධානීන් එවැනි දේවල් සිදු නොවූ බවට  ඒ කාන්තාවන්ගෙන් බලහත්කාරයෙන්  ලියුම්  අත්සන් කරමින් සිටින හෙයින් මේ පරීක්ෂණ සාධාරණ ආකාරයට සිදුවේ දැයි ඔවුනට සැකයක් මතුව ඇති බවත්  මේ සම්බන්ධයෙන් පත් කෙරුණු විශේෂ කමිටුව මගින්  සාධාරණ පරීක්ෂණයක් පවත්වා එම හිංසන  කළ නිලධාරීන්ට දැඩි දඬුවම්  දීමට  පියවර ගන්නැයි  මහලේකම්වරියගෙන් ඉල්ලීමක් කරන බවත් මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනී රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය  පාර්ලිමේන්තුවේදී අද (8) පැවසුවාය.

මේ සිද්ධියෙන් පාර්ලිමේන්තුවටද ලොකු කැළලක් ඇතිවූ බව  ඇය සඳහන් කළාය.

විජේරත්න  මහත්මිය මෙසේ පැවසූවේ නියෝජ්‍ය  කතානායකවරයාගේ අවසරය ඇතුව විශේෂ ප්‍රකාශයක් කරමිනි.

රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය මෙසේද  පැවසුවාය.

පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ කාන්තාවන්ට සහ තරුණියන්ට ලිංගික හිංසන  වෙනවා කියලා පසුගිය දවස්වල පුවත්පත්වල සහ සමාජ මාධ්‍යයේ ප්‍රවෘත්ති දිගට හරහට පළවුණා. මේ සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වන්න මහ ලේකම්තුමිය විශේෂ කමිටුවක් පත් කරලා තියෙනවා. දැන් ඒ පරීක්ෂණ යනවා. මේක මන්ත්‍රීවරුන් සම්බන්ධ සිද්ධියක් නොවෙයි. ඒ සේවිකාවන්ගේ ඉහළින් ඉන්න අයගෙන් තමයි සිද්ධ වෙන්නේ. දැන් නිලධාරීන් පිරිසක්  හිංසනයට  ලක් වූ  අයගෙන්  එහෙම දේවල් සිද්ධ වුණේ නැහැ කියලා අත්සන් ගනිමින් ඉන්නවා. ඒ නිසා ඒ අයට බයක් තියෙනවා මේ පරීක්ෂණය හරියට සිද්ධ වෙයිද නැද්ද කියලා. මෙතන මහා ලේකම්තුමිය ඉන්නවා. මේ සිද්ධිය ගැන සාධාරණ විදියට පරීක්ෂණයක්  තියලා හිංසන කරපු අයට දැඩි දඬුවම් දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. මොකද මේ සිද්ධිය  පාර්ලිමේන්තුවටත් ලොකු කැලලක්.

නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා

මේ ගැන දැන් කමිටුවක් පත් කරලා තියනවා. ඒ විමර්ශන කටයුතු සාර්ථකව සිද්ධ වෙනවා.

සභානායක සුසිල් ප්‍රේමජයන්ත මහතා

ලිංගික හිංසන සිද්ධිය සම්බන්ධයෙන් මහා ලේකම්තුමිය විශේෂ කමිටුවක් පත් කරලා තියනවා. ජ්‍යෙෂ්ඨ නිලධාරිනියන් තිදෙනෙක් ඒකේ ඉන්නේ. ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. ඊට පස්සේ ඒ ගැන කතානායකතුමාට දැනුම්  දෙනවා. අවශ්‍ය ක්‍රියාමාර්ග ඊට පස්සේ ගන්නා බව දැනුම්දී  තිබෙනවා



අදහස් (3)

’’සල්ලාලයන්’’ ගැන මැතිසබයේ රැව්දෙයි

Bamunuarachchi Tuesday, 08 August 2023 01:54 PM

වින්දිතයින්ට බලහත්කාරකම් කර ශාක්‍ෂි දීම නවත්වයි කියා බමුණුආරච්චි කලින්ම කිව්වා හරිනේද?

:       1       7

Bunny Preena Tuesday, 08 August 2023 02:09 PM

බලලා මල්ලෙන් එලියට පැන්නා වගේ වැඩක්. අත්සන් ගත්තු නිලාදාරින් මෙවැනි දේවලට අනුබල දෙනන අය විය හැකිය. පලමුව ඔවුන්ව ප්‍රශ්න කිරීමවලට ලක් කරන්න. දැනට ඔවුන් දරන නිලතල වලින් පහ කරන්න.

:       0       9

PereraWednesday, 09 August 2023 12:39 AM

මේක ලංකාව .මතක නැද්ද අප්පච්චි කිවුවා එයාලට නඩු ඇතිකරන්නත් පුළුවන් නැති කරන්නත් පුළුවන් කියලා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 74 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 227 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 570 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site