(යොහාන් භාසුර)

යුරෝපා රටවල් කීපයකින් තැපැල් සේවය හරහා ශ්‍රී ලංකාවට එවූ සැක සහිත පාර්සල් හතක සෙල්ලම් බඩු සහ ආහාර අඩංගු ටින් තුළ ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබූ රුපියල් කෝටි 16 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගත් බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව පැවසීය.

එම මත්ද්‍රව්‍ය තොගයේ කුෂ් නැමති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 4673 ක් සහ මෙතම්ෆටමයින් අඩංගු මත්පෙති 9586 (ග්‍රෑම් 4009) ක් අඩංගු වූ බවත් එහි වෙළඳපළ වටිනාකම පිළිවලින් රුපියල් 70,095,000 ක් සහ රුපියල්  95,860,000 ක් ලෙස සම්පූර්ණ මත්ද්‍රව්‍ය තොගයේ වෙළඳපළ වටිනාකම රුපියල්  165,955,000  ක් යැයි තක්සේරු කර ඇති බවත් රේගුව සඳහන් කරයි.

මුලික රේගු විමර්ශනය අවසානයේ එම මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත බාරදුන් බව ද රේගුව වැඩි දුරටත් පැවසීය.