
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
මරදාන ඩින්ස් පාර ප්‍රදේශයේදී බුද්ධි අංශ නිලධාරියකු සිවිල් ඇඳුමෙන් සැරසී මාර්ගයේ ගමන් කරමින් සිටියදී පිස්තෝලයක් එල්ල කර බිය ගන්වා මෝටර් රථයෙන් පළා ගිය සැකකරු යක්කපිටිය මධ්‍යම අධිවේගී හුවමාරුවේ දී සෙල්ලම් පිස්තෝලයක් සමඟ අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා සිදු කරන ලද විශේෂ මෙහෙයුමේ කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත බුද්ධි අංශ නිලධාරියකු ට සැකකරු මෙලෙස සෙල්ලම් පිස්තෝල අවිය එල්ල කර බිය ගන්වා තිබිණි.
ඒ සම්බන්ධයෙන් ලද තොරතුරු අනුව වහා ක්‍රියාත්මක වූ පොලිසිය එම සැකකරු මෝටර් රථයෙන් මධ්‍යම අධිවේගී ඔස්සේ පලා ගොස් යක්කපිටිය හුවමාරුවෙන් පිටවීමට යාමේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු රියදුරෙකු ලෙස සේවය කරන කෙහෙල් පන්නල අම්බලාව පදිංචි වයස අවුරුදු 22 ක පුද්ගලයෙකි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියන්න බැහැ මිනිහා ගාව නියම පිස්තෝලයකුත් තිබෙනවාද කියලා. හොඳට සොයාබලන්න වෙනවා.