(අංජුල මහික වීරරත්න)

මධ්‍යම හා ඉහළ මධ්‍යම පාංතිකයන් වෙනුවෙන් ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘති නවයේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කළ බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසයි.

මාකුඹුර, මාලබේ, බොරලැස්ගමුව, ස්ටේඩියම්ගම, ඔරුගොඩවත්ත අදියර 1 හා 2, පෑලියගොඩ අදියර 1හා 2, අනුරාධපුර ප්‍රදේශවල මෙම නිවාස ව්‍යාපෘති ඉදිකෙරේ.

මෙම නිවාස ව්‍යාපෘති නවයේ නිවාස ඒකක 2918 කින් සමන්විත වේ. ඉකුත් 2021 වසරේදී මෙම නිවාස ව්‍යාපෘති ඉදිකිරීම ආරම්භ කළ අතර   ආර්ථික අර්බුද සහ වෙනත් හේතු නිසා මෙම නිවාස ව්‍යාපෘතිවල ඉදිකිරීම් කටයුතු නතර විය.