(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් සියයට තිහකට ආසන්න පිරිසක් විවිධ ආර්ථික ගැටලු හේතුවෙන් ඉදිරි මැතිවරණවලදී තරඟ නොවැදීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
මන්ත්‍රීවරුන් බහුතරයක් පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත්තේ විශාල මුදලක් වැය කරමින් බවත් බොහෝ අය මෙම වියදම්වූ මුදල ආවරණය කරගත්තේ මන්ත්‍රීවරයකු ලෙස පත්වීමෙන් පසු ලැබෙන වාහන බලපත්‍රයෙන් බවත් පැවසේ.
වාහන බලපත්‍රය තාවකාලිකව නතර කිරීම නිසා ඡන්ද වියදම් සඳහා මුදල් සොයා ගැනීම දුෂ්කර වී ඇතැයි මන්ත්‍රීවරු පෙන්වා දෙති.
ඡන්දෙට කලින් වාහන බලපත්‍රය නොලැබුණහොත් මැතිවරණවලට තමන් ඉදිරිපත් නොවන බව මන්ත්‍රීවරු කිහිප දෙනෙක් අප සමග පැවසූහ.
මන්ත්‍රීවරුන්ට මෙයට පෙර දුන් වාහන බලපත්‍රයේ වටිනාකම රුපියල් කෝටි දෙකකට වැඩිය.
රටේ ආර්ථික තත්වය හේතුවෙන් මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍රය ලබාදීම සඳහා මුදල් වෙන් කිරීම මුදල් අමාත්‍යාංශය විසින් තාවකාලික අත්හිටුවනු ලැබීය.
මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තු ප්‍රධානියකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍රය ලබාදීමට තවමත් තීරණයක් ගෙන නොමැති බවයි.
මේ අතර මන්ත්‍රීවරුන් විශාල පිරිසක් මන්ත්‍රී සේවා අංශයට පැමිණ වාහන බලපත්‍රය සම්බන්ධයෙන් විමසීම් කර ඇතැයිද ඔහු සඳහන් කළේය.
මේ අතර අධික ඉන්ධන මිල හේතුවෙන් බොහෝ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට සහ විවිධ උත්සව වලට සහභාගිවීමද සීමා කර ඇතැයි වාර්තාවේ.
පසුගිය කාලයේ ඇතිවූ විවිධ සිද්ධීන්වලින් කලකිරීමට පත්වුණු මන්ත්‍රීවරු පිරිසක්ද ඉදිරි මැතිවරණවලදී තරඟ නොවැදීමට තීරණය කර ඇතැයි දැනගන්නට ඇත.
ඉන් වැඩි දෙනෙක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු වෙති.
මේ අතර මන්ත්‍රීවරුන්ගේ ගැටලු කතාබහ කරන පාර්ලිමේන්තුවේ ගෘහකාරක සභාව මාස ගණනාවකින් රැස්වී නැතැයි වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වහල් හැත්ත ඔබලාව විශ්වාස කළාට ඔබලාගේ හෘදශාක්ෂිය සහ දෙවියන් දන්නවා සත්‍යය. අනිවාර්යයෙන් කර්මය පඩිසන් දෙනවාමයි... කළ කළ දේ පල පල දේ...
මහජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන්. දෙවියන්ගේ ශාපය අත්වේවා !!
අනේ අපිට කන්න නැති වුනත් කමක් නෑ... රට වෙනුවෙන් දිවිදී වැඩ කරන ඒ උත්තමයින්ට ඒ වාහන බලපත්‍රය දෙන්න.
අනේ හොදයි, අනේ හොදයි. ඒ ගොල්ලන්ට ඡන්දෙට ඉදිරිපත් වෙන්න අමාරුයි, අපට ජීවත් වෙන්න අමාරුයි. ඔය ඡන්දෙ නොතියා ඉන්න තුරුම්පුවක් ද දන්නෙත් නෑ. ඒවානං මේ සැරේ හරියන්නේ නෑ පුතාලා...
සල්ලි නැතිව හෝ කලකිරීම නිසා නොවේ... ඡන්දේ නොඉල්ලන්නේ, විශේෂයෙන් පොහොට්ටුවේ 90% ක්ම තමාට දිනන්න බැරිවෙන බව හින්දයි. මොනවා හරි කියලා මන්ත්‍රීකම නැතිවෙන්න ඉස්සෙල්ලා වාහන පර්මිට් එකක් (එකක් කෝටි2-3ක් වෙන) ගන්නයි දැන්ද ගලනවා ඇත්තේ... රටේ ජනතාවට කන්න නැතත්, ඒවට මුදල් නම් ජන්දෙට කලින් වෙන්කරවා ගනී කොහොමහරි.
හොරා කන්න බලන් අවට හොරාකන්න දෙයක් ඉතිරි වෙලා නෑ. ඔච්චර අමාරු නම් අර චමින්ද විජේසිරි වගේ මන්ත්‍රීකම විකුණගෙන කාපල්ලා...
හොර පෙරකදෝරුවා නම් කියන්නේ පක්ෂය සක්තිමත් කරනවා, දසබල සේනා හදාගෙන ගමක් ගානේ යනවා කියලානේ..?
විවෘතව ම හොරකම් කරන්න වරම ඉල්ලනවා. මොවුන්ට ඡන්දේ දෙන අයට හෙණ වදින්න ඕනෑ. මොවුන් දන්නවා මේ පාර හැඳි ගෑවිලා යනවා කියලා. ඒ නිසා පුලුවන් තරම් හොරකම් කරලා රටින්චුතවෙන්න හදන්නේ...!
පාර්ලිමේන්තුවට එන්නේ ජනතාව වෙනුවෙන් නෙවෙයි, තමන්ට රජසැප විඳින්න එන්නේ...
මේක මේ තවත් දේශපාලන කැම්පේන් එකක් වගේ පේන්නේ... මම නම් විස්වාස කරන්නේ නැහැ.... පොහොට්ටුවන්ටද සල්ලි නැති කතාව...
හොඳ වැඩේ. සාදු සාදු. මගේ රට මේ වරප්‍රසාද තානාන්තර දේශපාලන සාපයෙන් මිදේවා. පාර්ලිමේන්තු අණ පණත් හදන්න ctb බස්වල ඇවිත් පුළුවන්...!
වැටුප්, වරප්‍රසාද නොමැතිව අතීතයේ මෙන්, ස්වේච්ඡාවෙන් රට දියුණු කරන්න උනන්දුවක් ඇති මහත්වරුන් පමණක් පාර්ලිමේන්තුවට එන්න.
දේශපාලනඥයන්ගේ විතරක් නෙමෙයි, රජයේ සේවකයින්ටත් දෙන වාහන පර්මිට් නවත්වන්න ඕනෑ. රජයට පුළුවන් තරම් මුදලක වැටුපක් ගෙව්වාට කමක් නෑ. එම වැටුපට කැමැති පුද්ගලයෝ රජයේ රැකියාවට ඒවි. අනිත් අය වෙන රැකියා හෝ ව්‍යාපාර කරාවි. රජයක් එවැනි තීරණ වලට යා යුතුයි...!
ඔය හැත්තට කවුද ඡන්දේ දෙන්නේ ඒකයි ඇත්ත තත්වය. ඔය හොරා කෑවේ...
සල්ලිත් නැහැ, පර්මිටුත් නැහැ, ඒ දෙකම තිබුණත් ඔබලා වගේ හොර, මිනීමරුවන්ට අපි ඡන්දෙ දෙන්නේ නැහැ !!!
මේක මේ අනුකම්පාවෙන් ඡන්දෙ ගන්න ගහපු ගේමක්. අපි කොන්දේ බැඳපු චීන්නු නෙමෙයි...
අවංකව සේවය කරන අයට සල්ලි ඕනෑ නැහැ. රිචඩ් පතිරණ ඇමැති ඉන්න කාලේ එයා කෝච්චියේ කොළඹ ගියේ. ආසනය පුරා ඇවිදලා තියෙන්නේ පරණ ජීප් එකකින් තනිවම... ඩලස් කිසිම පෝස්ටරයක් නොගහ මාතර එකට ආපු කෙනෙක්... මේ උදාහරණයක් විතරයි.. මෙයාලා ඉල්ලන්නේ නැත්තේ දිනන්න බැරි නිසා. සත්‍ය ඒකයි...
ඔය අයගේ ආර්ථික අහේනිය දැක්ක අර අයගේ මලගෙදර ඇවිල්ලා තිබුණු දේශපාලකයින්ගේ අධිසුඛෝපභෝගි වාහන තොගය දැක්කාම...
රටේ තියෙන ප්‍රධාන දැවෙන ප්‍රශ්නය. රට කාලා නැත්තටම නැති කරලා තව වාහන ඉල්ලනවා.
ඉස්සෙල්ලාම මොවුන්ට ඡන්දෙ දෙන අයට මඩු වලිගයෙන් තලන්න ඕනෑ...